ඉයර් ෆෝන් කනේ ගහගෙන නින්දට යනවාද? එහෙනම් මේක කියවන්න.

63

ඉයර් ෆෝන් කනේ ගහගෙන නින්දට යනවාද? එහෙනම් මේක අනිවාර්යයෙන් කියවන්න.

රෑට නිදා ගන්න යද්දී ඉයර් ෆෝන් දෙක කනේ ගහගෙන නිදා ගන්න පුරුද්ද ඔබටත් තියෙනවද? හිත නිවෙන සින්දුවක් දා ගත්තම හොඳට නින්ද යනවා කියන එක ඇත්ත. දවසෙම වැඩ කරලා මහන්සි වෙලා ගෙදරට ආවම නිදා ගන්න යන්න කලින් සින්දුවක් දා ගන්න එක මමත් කරන වැඩක්. හැබැයි එකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ හොඳට නින්ද යන එක විතරද? මේක දිගට කියවලා බැලුවොත් ඔබේ අදහස වෙනස් වේවි.

ඉයර් ෆෝන් පාවිච්චිය සම්පුර්ණයෙන්ම නරකයි කියලා මම කියන්නේ නෑ. කාටවත් කරදරයක් නැතිව තමන් කැමති සින්දුවක් අහන්න ඉයර් ෆෝන් කියන්නේ බොහොම පහසු උපාංගයක්. හෙඩ් ෆෝන් තරම් සද්දේ කොලිටි නැතත් එහෙ මෙහෙ ගෙනියන්න පහසුව නිසා වගේම මිලත් අඩු නිසා බොහෝ දෙනා සින්දු අහන්නේ ඉයර් ෆෝන් වලින්.

නමුත් මේකේ පහසුව නිසාම ඉයර් ෆෝන් එක කනේ තියෙද්දීම කොට්ටයක පැත්ත හැරිලා නිදා ගත්තත් අමාරුවක් දැනෙන්නේ නෑ. කන රිදෙන්නේ නැති වුනත් ඉයර් ෆෝන් එකකින් ඇති වන අමතර පීඩනය ඇතුළු කනට ලොකු වධයක්. විශේෂයෙන්ම පැය කිහිපයක් එක දිගට ඒක සිද්ධ වෙද්දී යම් හානිකර තත්ත්ව පවා ඇති වෙන්න ඉඩ තියෙනවා.

නින්ද කියන්නේ අපේ මොළය විවේක ගන්න වෙලාව. අපිට එතරම් නොහිතුණාට අපේ කනට ඉයර් ෆෝන් එකෙන් ලැබෙන සද්දේ ගොඩක් සැරයි. මේ නිසා දිගටම සින්දු ඇහෙද්දී මොළයට සම්පුර්ණ විවේකයක් ගන්න බැරි වෙනවා. කනට ඇහෙන එක්තරා මට්ටමකට වඩා ශබ්දයෙන් වැඩි දේවල් මොළය නින්දේ ඉද්දී වුනත් හඳුනා ගන්නවා. නින්දේ හිටියත් ලොකු සද්දයකට ඇහැරෙන්නේ ඒකයි. දිගටම සද්දෙන් සින්දු ඇහෙද්දී මොළය හරියට නිදා ගන්නෙම නෑ.

මේකෙන් ඇති වන අහිතකර බලපෑම තමයි හොඳට නින්ද ගියා කියලා දැනුණාට ඇත්තටම ශරීරයට සම්පුර්ණ විවේකය නොලැබෙන එක. ටිකක් කල් යද්දී මේ වගේ සින්දු ඇහෙන්නේ නැතිව නිදා ගන්නත් බැරි වෙනවා. ඒ නිසා නවත්තන්න හැදුවත් අමාරු වෙනවා.

දිගටම ඉයර් ෆෝන් පාවිච්චිය නිසා කනෙන් ස්‍රාවය වන දේවල් පිටතට එන්නේ නැතිව එක් රැස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේවා ඉයර් ෆෝන් එක ඇතුළටත් යනවා. මේ නිසා කන් සේදුවත් ඉයර් ෆෝන් පාවිච්චියෙන් ඒ මත වර්ධනය වෙන බැක්ටීරියා කනට ඇතුල් වෙලා ආසාදන ඇති වෙන්න ඉඩ තියෙනවා.

ඒ වගේම තාවකාලික බිහිරි බව ඇති වෙනවා. මේකේ අවස්ථා දෙකයි. මුලින්ම සිද්ධ වෙන්නේ කනේ සංවේදීතාව අඩු වෙන එක, වෙනත් විදියකට කිව්වොත් ඇහෙන්න පුළුවන් කුඩාම ශබ්ද ප්‍රමාණය වැඩි වෙන එකයි. මේ නිසා එදිනෙදා කතා කරන දේවල් එක පාර අහ ගන්න අමාරු වෙනවා. මේක මුලින්ම තාවකාලිකව, ඒ කිව්වේ ඉයර් ෆෝන් ගලවලා විනාඩි 10ක් වගේ යන කල් විතරයි පවතින්නේ. නමුත් දෙවන අවස්ථාවේදී දිගටම මේ තත්වය පවතින්න ගන්නවා.

ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඉයර් ෆෝන් පාවිච්චි කරන කොට එක දිගට අහන කාලය පැයකට සීමා කරන්න. නින්දට යද්දී සින්දු දා ගන්නම අවශ්‍ය නම් විනාඩි 30ක් 45ක් ඇතුළත ඉබේ ඕෆ් වෙන්න දාල අඩු ශබ්දයකින් අහන්න. වැඩිය හොඳයි වචන නැති සංගීතය විතරක් අහන එක. මේ විදිහට කළොත් ඔබට පුළුවන් හොඳින් නින්ද ලබා ගන්න අතරෙම ඔබේ ශ්‍රවණ තත්වය හොඳ මට්ටමක හැමදාම පවත්වා ගෙන යන්න.

මේ වගේ පැය ගණන් ඉයර් ෆෝන් කනේ ගහගෙන ඉන්න යාළුවෝ එහෙම ඉන්නවා නම් මේ ලිපිය share කරලා ඔවුන්වත් දැනුවත් කරන්න අමතක කරන්න එපා. තවත් ප්‍රයෝජනවත් ලිපියකින් හමු වෙමු.

Leave a comment

Comments

Close
Close