ඔබේ ලග්නයට අනුව ඔබට පිහිට ඇති දෙවියන් කවුරුන්ද?

මිහිපිට ජීවත් වන ඕනෑම මනුෂ්‍යකුට ඔවුන් නොදන්නා අන්තර් විෂ්වය සමග විවිධ මට්ටමේ සම්බන්ධතාවයන් පවතී. එය කර්මය හා කර්ම පලය සමගද බැදී පවතින අතර දැන සිටීම නුවණ හුරු නමුත් ගැති වීම මෝඩ කමකි. යකුන් පෙරේතයන් අමතක කර මෙම ලිපිය තුලින් අප ඔබට පිහිට අති දෙවි වරුන් ගැන කෙටි සටහනක් තබන්නෙමු. ඕනෑම මනුස්සයකුට බොහෝ දුරට ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ නමක් ඇති අතර එතුමන් අප මෙහි කරනා විවිධ කාර්‍යන් වලට නන් අයුරින් උපකාර කරයි. නූලෙන් බේරයි. කලින් ඉවෙන් මෙන් දන්නයි, බාදා කර ගලවා ගනී, විවිධ අය මුණ ගස්සවා අපව ගොඩ දැමීමට මූලිකත්වය ගනී, සමහර විට අපි දන්නෙම නැතිව අපව බේරයි. මෙය සරල කාරණාවක් උවත් එක හෙලා පිලිගැනීම තාර්කික ඔබට භාරයි.

අපට සම්බන්ද මළගිය ඥාතීන් නැවත උපදින භවයේදී විවිධ දෙවියන්ගේ පිරියෙහි සෙස්සන් වී ඉපදුනොත් ඔවුන්ගේ පිහිට අපට නිරන්තායෙන් ලැබේ. යාන වාහන, ඉඩකඩම් ලැබීමට වාසනාව හා මාර්ගයන් ඔවුන් විවෘත කරයි. ඔවුන් අපේ සතුටෙන් පිනෙන් ජීවත් වෙයි. අපට කල හැකි කෘතගුණ සැලකීම නම් උදේ හවස තමන්ගේ ඉෂ්ඨ දෙවියන්ට පින් ලබා දීමයි. අවශ්‍ය නම් ඉෂ්ඨ විය යුතු කාරණ කීවද කම් නැත.

යමෙකුට කාලයක සිට යම් දෙවියෙකු පිලිබද භක්තියක් ඉබේම ඇතිවේනම් එහි අරුත ඔබ ඉෂ්ඨ දෙවියන් හදුනාගෙන අවසන්‍. මේ ලිපියෙන් පලක් නැත නොපමාව වතාවත් කරන්න. කිසි විටක අන්තගාමී නොවන්න. ප්‍රායෝගික ලෝකයේ ජීවත් වී මේ දේවල්ද අත්හදා බලන්න.

ලග්නය අනුව වඩා පිහිට ඇති දෙවියන්.

මේෂ ලග්නය – කතරගම දෙවියන්, බ්‍රහමයන්

වෘශභ ලග්නය – පාර්වතී මෑණියන්, සරස්වතී මෑණියන්, විශ්ණු දෙවියන්

මිථුන ලග්නය – විශ්ණු දෙවියන්, ලක්ෂ්මී මෑණියන්

කටක ලග්නය – පත්තිනි මෑණියන්, බ්‍රහ්ම්මයන්

සිංහ ලග්නය – ඊශ්වර දෙවියන්, ශිව දෙවියන්, කතරගම දෙවියන්

කන්‍ය ලග්නය – ලක්ෂමී මෑණියන, විෂ්ණු දෙවියන්, පාර්වතී මෑණියන්, ගණ දෙවියන්

තුලා ලග්නය – සරස්වතී මෑණියන්, විශ්ණු දෙවියන්

වෘශ්චික ලග්නය – කතරගම දෙවියන්, පත්තිනි මෑණියන්

ධනු ලග්නය – බ්‍රහම්‍මයන්, ඊශ්වර දෙවියන්, ශිව දෙවියන්

මකර ලග්නය – විශ්ණු දෙවියන්, ගණ දෙවියන්

කුම්භ ලග්නය – විශ්ණු දෙවියන්, සරස්වතී මෑණියන්

මීන ලග්නය – බ්‍රහම්මයන්,කතරගම දෙවියන්, ගණ දෙවියන්

Leave a comment

Comments