බේබදු යහලුවන් සමඟ එකතුවී තම සිඟිති පුතුට මත්පැන් පෙවූ පියා පොලිස් දැලට කොටුවෙයි

සමාජජාල මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වෙමින් පවතින සිඟිති දරුවෙකුට මත්පැන් පානය කරවන වීඩියෝ දර්ශනයේ සිටින පියා මේ වන විට පොලීසිය හඳුනාගෙන තිබෙනවා.

ඔහු අනුරාධපුර – මීගලෑව – ගනන්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හෙළිවී ඇති අතර, ඔහුගෙන් අද දිනයේ ප්‍රකාශයක් ද සටහන් කර ගත් බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ඊයේ හිරු ප්‍රවෘත්ති මගින් ද කරුණු අනාවරණ කළ අතර, එම වීඩියෝවට අනුව අවස්ථා කිහිපයකදී පියා විසින් දරුවාට මත්පැන් පානය කරවන්නේ තවත් පිරිසක් සමඟයි.

Leave a comment

Comments