බුදු පහන සහ බුද්ධ පූජාව නිවැරදිව තියන්නේ මෙහෙමයි

ලොව්තුරා බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් උදේ සවස බුදු පහන දැල්වීම සෑම බෞද්ධ නිවසකම පාහේ සිදුකරන දෙයක්. ඒ අතරින් තවත් පිරිසක් මල් පහන් සුවද දුම් වලට අමතරව බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාවත් පිළිගන්වනු ලබනවා.

ඒත් ඔබ නිවැරදිව බුදු පහන හා බුද්ධ පූජාව පිළිගන්වන ආකාරය ගැන හරියටම දැනුවත්ද? එහෙමත් නැත්තන් පුරුද්දක් විදියට කරන්නන් වාලේ ඔහේ කරනවද?

ඇත්තම කියුවොත් බොහෝ දෙනෙක් බුදු පහන හා බුද්ධ පූජාව පිළිගන්වන ආකාරය ගැන හරියටම දන්නේ නැහැ. නිවසේ වැඩිහිටියන් ආච්චි සියා, අම්ම තාත්තා ඒ දේවල් කරන විදිය කුඩා කාලේ ඉදන් දකින ඔබ, වැඩි හිටියෙකු වූ විටත් අනුගනය කරන්නේත් වැඩිහිටියන්ගෙන් ඔබ ලබපු ඒ අභාෂය මයි. ඒ ක්‍රමය හරි හෝ වැරදි වේවා කවුරුත් ඔබව නිවැරදි කරන්න එන්නෙත් නැහැ. කවදා හෝ ඔබේ දුවා දරුවනුත් ඔබව අනුගමනය කරන්නට පුළුවන්.

නිවැරදි විදියට පිළිගන්වන බුදු පහනින් හා එහි ආලෝකයෙන් සතුටට පත්වන සම්‍යක්දෘෂ්ටික දේව සමූහයා ඔබව ආරක්‍ෂා කරමින්, ඔබට පැමිණෙන අපල කරදර, බාධා, විපත්වලින් හා ඔබගේ පවුලේ අයට පැමිණෙන කරදර, විපත්වලින් ආරක්‍ෂා කරනු ලබනවා.

ඒ නිසා මොහොතක් හිතන්න. බෞද්ධයෙකු ලෙස සැදැහැ සිතින් බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් පිළිගන්වන බුදු පහන හා බුද්ධ පූජාව නිවැරදිව පිළිගන්වන ආකාරය පිලිබදව ඔබ දැනුවත් විය යුතුමයි. එය ඔබට පමණක් නෙවෙයි ඔබේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් ඔබ කරන යුතුකමක්ද වෙනවා.

බුදු පහන සහ බුද්ධ පූජාව නිවැරදිව පිළිගන්වන ආකාරය පිලිබදව හරියටම දැනගන්න පහත වීඩියෝව නරබන්න. ඒ වගේම මෙය ෂෙයාර් කරලා ඔයාගේ යාළු මිතුරන් හා පවුලේ අයවත් දැනුවත් කරන්න. යූ ටියුබ් ඔස්සේ නැරබීමට නම් මෙතන ක්ලික් කරන්න. ඔබ සැමට බුදු සරණයි.

Leave a comment

Comments