මේ සතිය ඔබට සුබද? අසුබද? ලග්නයට අනුව සතියේ ලග්නපලාපල මෙන්න..

මේෂ

ඔබේ ලග්නාධිපති කුජ හයවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය හැකිය. දරුවන් ගැන වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ගෘහ ජීවිතය පිළිබ`ද සිත් තැවුලක්‌ සතිය ආරම්භයේදීම ඇතිවිය හැකිය. මවට හෝ පියාට තරමක අපලදායක බවක්‌ පෙන්වයි. මේ අතර සෙම් රෝග වැනි සෞඛ්‍යය ගැටලු ඇතිවීමටද ඉඩ ඇති නිසා වතුරෙන් ප්‍රවේශම් වන්න. සති අග වන විට මෙම බාධා බොහෝ දුරට මගහැරී යනු ඇත. බිරිඳ හෝ සැමියා සමඟ ඇති සුහදතාව වැඩිවේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. ලියකියවිලිවලට අත්සන් තැබීමේදී ප්‍රවේශම් වන්න. රැකියා හා ව්‍යාපාර අංශවල උසස්‌ අය අමනාප වීමටද ඉඩ ඇති නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.

සුබ පාට – රෝස, සුබ අංකය -3.

වෘෂභ

ඔබේ ලග්නාධිපති සිකුරු සමඟ ගුරු හයවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මිශ්‍රඵලදායක වේ. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබාගැනීමට පහසුකම් සැලසේ. සුරතල් සතුන් කෙරෙහි වැඩි අවධානයක්‌ යොමුවේ. විවාහ ජීවිතය පිළිබඳව බාධා ඇති කරවීමට ඉඩ තිබේ. වියදම් අධික වේ. අවිවාහක අයගේ පෙම් සබ`දතා හෝ විවාහ යෝජනා පිළිබඳ කටයුතුවලට බාධා ඇතිවිය හැකිය. ඉවසීමෙන් කටයුතු කරන්න. අසල්වැසියෙකු සමඟ අමනාපයක්‌ ඇතිවිය හැකිය. රැකියා හා ව්‍යාපාර අංශවල සේවක පක්‌ෂයෙන් බාධා ඇතිවීමට ඉඩ තිබේ.මේ අතර සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමට ඉඩ ඇත.

සුබ පාට – මිශ්‍ර ලා, සුබ අංකය – 6.

මිථුන

ඔබේ ලග්නාධිපති බුධ සමඟ රවි, සඳු හයවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබදායක වේ. අධ්‍යාපන කටය`qතු සාර්ථක වේ. කලා විෂයන් හදාරන ශිෂ්‍යයන්ට විශේෂ සුබපල ලැබේ. ඉක්‌මන් කෝපය නිසා පවුලේ අය තුළ කළකිරීමක්‌ ඇතිවිය හැකිය. ඉවසීමෙන් කටයුතු කරන්න. විවාහක සහකරුට තරමක්‌ අපලයි. හදිසි ධන ලාභයක්‌ හෝ ලොතරැයි ජයක්‌ ලැබීමට ඉඩ තිබේ. ආයෝජන කටයුතුවලින් ලාභ ලැබේ. අවිවාහක අයගේ මංගල යෝජනා සාර්ථක වේ. පෙම්වතුන්ට සුබදායකයි. සතුරන්ගෙන් ජය ලැබේ. රැකියා ලාභ ලැබේ. තත්ත්වයේ හෝ තනතුරේ උසස්‌වීම් ලැබීමට ඉඩ තිබේ. බලාපොරොත්තු ඉටුවේ. අසනීපවලින් සුවය ලැබේ. කේතු දශාගත කරන අය ශරීර පෝෂණය ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට – ලා කොළ, සුබ අංකය – 4

කටක

ඔබේ ලග්නාධිපති සඳු සමඟ රවි, බුධ පස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවීමට හැකි අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිමත්ව ක්‍රියා කිරීමෙන් සාර්ථක ප්‍රතිථල ලබාගත හැකිවේ. ගෘහ ජීවිතය සතුටින් ගතවේ. නිවසේ පුණ්‍ය කටයුත්තක්‌ හෝ ප්‍රියසම්භාෂණයක්‌ පැවැත්වීමට යෙදේ. ඉඩම්, ගෙවල් හා වාහන ගනුදෙනුවලට සුබඵලදායකයි. උත්සාහය ධෛර්ය ඉහළ යයි. සහෝදර හා අසල්වාසීන් අතර සබඳතා ශක්‌තිමත් වේ. විවාහ අපේක්‌ෂිත අයටද පෙම් සබඳතාවලටද අසතුටුදායක තත්ත්වයක්‌ ඇති වේ. දරුවන් වෙනුවෙන් තැන්පත් මුදලක්‌ වැයවේ. රැකියා අංශවල ප්‍රධානීන් සමඟ කටයුතු කරන විට ප්‍රවේශම් වන්න.

සුබ පාට – සුදු, සුබ අංකය – 2.

සිංහ

ඔබේ ලග්නාධිපති රවි සමඟ බුධ, සඳු හතරවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති වන්නේ උදාසීන බව හා වැඩ කල් දැමීම නිසාය. උනන්දුවෙන් කටයුතු කරන්න. ගෘහ ජීවිතය එතරම් සතුටුදායක නොවන බව පෙනේ. විදේශ රැකියා හෝ විදේශ ගමන් පිළිබඳව කටයුතු සාර්ථක කරයි. අසල්වාසිSන් සමඟ තිබූ අමනාපකම් දුරුවේ. ලිපි ලේඛන කටයුතුවලට සුබපලදායකයි. මුදල් ආයෝජනය කරන විට ප්‍රවේශම් වන්න. මවුපියන්ට අපලයි. මුල් ඉඩම් ගෙවල් පිළිබඳව කරදර මතුවීමට ඉඩ ඇත. සිත් තැවුල් ඇතිවීමට කරුණු යෙදිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. පපුවේ ආබාධ ඇති අය ප්‍රවේශම් විය යුතුය.

සුබ පාට – දිලෙන සුදු, සුබ අංකය -01.

කන්‍යා

ඔබේ ලග්නාධිපති බුධ සමඟ රවි, සඳු තුන්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝදුරට සුබ දායක වේ. අධ්‍යාපන කටයුතුවලට යහපත් ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ. ගෘහ ජීවිතයට තරමක බාධා ඇතිවිය හැකිය. ඉක්‌මන් කෝපය නිසා ඇතිවන ගැටලු පාලනය කරගැනීමට ඉවසීමෙන් කටයුතු කරන්න. විවාහ සහකරු නිසා ධනයක්‌ ලැබීමට ඉඩ තිබේ. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදාවේ. ධෛර්ය හා උත්සාහය වැඩිවේ. තනතුරුවල උසස්‌වීම් ලැබෙන්නටද පුළුවන. සහෝදර සබඳතා අලුත් වේ. රජයේ තනතුරු ලැබෙන්නටද පුළුවන. මිතුරු මිතුරියන් ඇසුරු කිරීමේදී සැලකිලිමත් වන්න. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතුවලට සුබයි.

සුබ පාට – ලා කොළ, සුබ අංකය – 4.

තුලා

ඔබේ ලග්නාධිපති සිකුරු සමඟ ගුරු ලග්නයේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිවේ. ගෘහ ජීවිතයට තරමක බාධා කරදර ඇතිවිය හැකිය. තැන්පත් ධනය වැය වීමට කටයුතු යෙදේ. නමුත් ආදායම් මාර්ග යහපත් වේ. කතා කරන විට දූරදර්ශී නොවුවහොත් කතාව නිසා පාඩුවක්‌ සිදුවිය හැකිය. දරුවන්ට සුබපලදායකය. බිරිය හෝ සැමියාගේ විදේශ ගමන් සාර්ථක වේ. මංගල කටයුතුවලට සුබ නොවේ. එවැනි කටයුතු තරමක්‌ කල් දැමීම යෝග්‍ය වේ. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබාගැනීමට පහසුකම් සැලසේ. සෞඛ්‍යය රැකගන්න.

සුබ පාට – මිශ්‍ර ලා, සුබ අංකය -06.

වෘශ්වික

ඔබේ ලග්නාධිපති කුජ එකොළහේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. අධ්‍යාපන කටයුතුවලට මිශ්‍රඵලදායකයි. බුද්ධිය මෙහෙයවා කරන කටයුතු සාර්ථක වේ. ඔබට අවිවේකී සතියක්‌ උදාවේ. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. විදේශ ගමන් පිළිබඳව තිබූ බලාපොරොත්තුවක්‌ සාර්ථක වේ. බිරිඳ හෝ සැමියාට දුර ගමනක්‌ යෙදෙන්නට ඉඩ තිබේ. මංගල යෝජනාවලට බාධා පවතින බව පෙනේ. වියදම් පාලනය කරගැනීමට කටයුතු කරන්න. උසස්‌ අය හඳුනා ගැනීමටද අවස්‌ථාව උදාවේ. දරුවන් ගැන සැලකිලිමත් වන්න. හිසේ රෝග, ඌෂ්ණාධික තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇති නිසා ශරීර සෞඛ්‍ය රැකගැනීමට උනන්දු වන්න.

සුබ පාට – සුදු, සුබ අංකය -2.

ධනු

ඔබේ ලග්නාධිපති ගුරු සමඟ සිකුරු සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. අධ්‍යාපන කටයුතුවලට සුබවේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ගෘහ ජීවිතය සතුටින් ගතකිරීමට හැකියාව ලැබේ. විදේශ ගමන් සාර්ථක කරගත හැකිවේ. මංගල යෝග උදාවේ. වාසනාව භාග්‍යයට නොව උත්සාහය හා ධෛර්යයට තැන දී කටයුතු කළ යුතුය. උසස්‌ කෙනෙකු හෝ රැකියා ප්‍රධානියකු අමනාප වීමට ඉඩ තිබේ. නිෂ්ඵල වියදම් ඇතිවේ. රාජ්‍ය සේවයේ යෙදෙන අයට විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය. නීති විරෝධී කටයුතුවලට මැදිහත් නොවීමට වගබලා ගන්න. රාහු දශා සහ සෙනසුරු දශා ගත කරන අයට තරමක අපල පවතී.

සුබ පාට – කහ, සුබ අංකය – 05.

මකර

ඔබේ ලග්නාධිපති ශනි දොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක වේ. අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. ගෘහ ජීවිතය සතුටින් ගතවේ. දරුවන්ට සුබයි. විවාහක සහකරු පිළිබඳ සැකය නිසා අඹුසැමි භේද ඇතිවීමට ඉඩ තිබේ. ව්‍යාපාරවලට කරන මුදල් ආයෝජනවලින් ලාභ ලැබේ. උසස්‌ අයගේ ඇසුර ලැබේ. ආදායම් මාර්ග යහපත් වේ. තත්ත්වයේ උසස්‌ වීමකට හේතුයි. ගෞරව නම්බුනාම ලැබේ. රැකියා අපේක්‍ෂාවන් සාර්ථක වේ. තෑගිබෝග ලැබෙන කාලයකි. බුද්ධිමත් මිතුරු මිතුරියන් හඳුනාගැනීමට අවස්‌ථා උදා වේ. විදේශ ගමන් වෙනුවෙන් තැන්පත් මුදලක්‌ වැය කිරීමට සිදුවේ.

සුබ පාට – නිල්, සුබ අංකය – 07.

කුම්භ

ඔබේ ලග්නාධිපති ශනි සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක වේ. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. රැකියා අංශවල කටයුතු සාර්ථක කරගැනීමට සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. සහෝදරයෙකුට අපලයක්‌ පෙන්වයි. අලුත් මිතුරන් හඳුනා ගැනීමට අවස්‌ථාව උදාවේ. ආගමික කටයුත්තකට සහභාගි වීමට සිදුවේ. විදේශ ගමන් හා දුර වන්දනා ගමන් යෙදේ. ඔබගේ බලාපොරොත්තු ඉටුවේ. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. පියාගේ ධනය හිමි වීමට කරුණු යෙදේ. තත්ත්වය උසස්‌ වේ. ධන ලාභ ලැබේ. රැකියා බලාපොරොත්තු සාර්ථක වනු ඇත. නම පැතිරෙන කාලයකි. හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න.

සුබ පාට – නිල්, සුබ අංකය – 7.

මීන

ඔබේ ලග්නාධිපති ගුරු සිකුරු සමඟ අටවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵල දායක වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දියුණුවට කරන කටයුතුවලට රහස්‌ සතුරු කරදර ඇතිවීමට ඉඩ තිබේ. සිත් තැවුල් ඇතිවීමටද හේතු වේ. දුර වන්දනා ගමන් යැමට අවස්‌ථා උදාවේ. බිරිඳ හෝ සැමියා සමඟ මතභේද ඇති වීමට ඉඩ තිබේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට සේවක පක්‌ෂයේ සහයෝගය ලැබේ. සෞඛ්‍යය පිළිබඳව ගැටලු ඇති වීමට ඉඩ තිබේ. වැදගත් තීරණ ගන්නා විට ඒ පිළිබඳව දැනුමැති කෙනෙකුගේ උපදෙස්‌ ලබා ගන්න. තනි තීරණ ගැනීමෙන් වළකින්න. බිරිඳ හෝ සැමියාට දුර ගමන් යෙදේ. ගුරු දශා ගත කරන අය ප්‍රවේශම් වන්න.

සුබ පාට – තැඹිලි, සුබ අංකය -02.

අජන්තා ඒකනායක,
දිවයින

Leave a comment

Comments