ශාරුක් ඛාන්ගේ සුපිරි නිවස “මන්නත්” ගැන මෙන්න..

ශාරුක් ඛාන් ලොවපුරා ජනාදරයට පත්වුණු බොලිවුඩ් නළුවෙක්. කිං ඛාන් ලෙස හඳුන්වන ඔහු බොලිවුඩයේ වැඩිම අදායමක් ලබන අතර Forbes සඟරාවට අනුව 2017 වසරේ ඔහුගේ දල අදායම ඩොලර් මිලියන 38ක් වෙනවා. දැනට 51 වියේ පසුවන ශාරුක් ඛාන්ට දරුවන් තිදෙනෙක් සිටින අතර බිරිඳ ගෞරි ඛාන් නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරන අතර ගෘහ අලංකරණ ව්‍යාපාරක් ද පවත්වාගෙන යනවා. ඔහු පදිංචි වෙලා ඉන්න සුපිරි නිවස පිහිටලා තිබෙන්නේ මුම්බායි, බන්ද්‍රා නගරයේ. ඔහු මේ නිවස මිලට අරගෙන තියෙන්නේ 2001 වර්ෂයේ. පැරණි ගොඩනැගිල්ලක් විදියට තිබුන එම නිවස මිලදී ගත්තට පස්සේ තමයි සුඛෝපභොගිව අලුත්වැඩියා කරගෙන තියෙන්නෙ.

මුහුදු වෙරල ආසන්නයේම තිබෙන මෙම නිවස ශාරුක් නම් කරලා තියෙන්නේ ‘මන්නත්’ කියලා. මහල් 6කින් සමන්විත මේ නිවසෙ living rooms, guest rooms, offices, library, gym, entertainment room, basement car parking ඇතුලත්. මහල් 2ක්ම වෙන්කර තිබෙන්නේ films and add shoot කරන්න. වර්තමානයේ මෙම නිවසේ වටිනාකම කෝටි 200ක් පමණ වන බවයි සඳහන් වෙන්නේ.

මේ නිවස වගේම ශාරුක් ඛාන්ට London, Dubai රටවල් වලත් නිවාස තියෙනවා.

පහතින් දැක්වෙන්නේ ‘මන්නත්’ නිවස පිළිබද තොරතුරු ඇතුලත් අපූරු වීඩියෝවක්.

ෂෙයාර් කරලා මේ ගැන යාලුවන්ට කියන්නත් අමතක කරන්න එපා..

Leave a comment

Comments