ස්ත්‍රීන්ගේ අභ්‍යන්තර සිතිවිලි හෙළි කරනා බෙල්ලේ පිහිටීම ගැන දන්නව ද?

තැල්ල බඳින්නට නම් බෙල්ල බේරා ගත යුතු යැයි ජනප්‍රිය කියමනක් පවතී. ස්ත්‍රියක විෂයෙහි නම් ගෙල සහ විශේෂයෙන්ම ගෙල දෙපස නිර්මාණය වී පවතින්නේ අධි සංවේදී ස්ථාන දෙකක් ලෙසිනි. මේ තුළ හැඟීම් පුබුදුවාලීමේ මහා බලයක් සැඟව පවතී. ඊට අමතරව තවත් කරුණු රැසක් නිසා ගෙන ඉතා වැදගත් වේ. දෛවඥ කාම ධේනුව වැනි මාහැඟි ජ්‍යොතිෂ ග්‍රන්ථ රත්නයන් හි ගෙල ඇසුරින් ස්ත්‍රීන්ගේ අභ්‍යන්තර සිතිවිලි හෙළිකර ගන්නා ආකාරය විස්තර කොට ඇත.

නාරි දේහ ලක්ෂණ විද්‍යාවේදී ගෙල හෙවත් බෙල්ල ප්‍රභේද රාශියකට බෙදා වෙන්කොට තිබේ. මේ එයින් කිහිපයකි.

තර-කොට-ගෙල ඇත්තිය

ගෙල මහත ය. එමෙන්ම ඉතා කොට ය. මුහුණ පහත් කළ විට මුළුමණින්ම පාහේ ගෙල නොපෙනී යන සුළු ය. මේ තැනැත්තිය ඇවිද යන්නේ පොළවට නොරිදෙන ගානට ය. කපටි නුවණින් යුතු ය. අනුන්ගේ සැපත දැකීමට‍ නොරිසි වන්නී ය. අතිශයින්ම රාගාධික ය. එහෙත් ඒ බව නොපෙන්වයි. ඉතා ඉක්මනින් තෘප්තියට පත්වේ. මායම්කාරියකි. ඊර්ෂ්‍යාව සහ කුඩුකේඩු සිත් ඇතිව ජීවත් වන්නියකි. පළි ගැනීමට මැළි නොවේ. මිතුරන් බිඳවන සුළු ය. තන්හාව සහ ලෝභය ඉතා අධික ය. පහසුවෙන් අදහස් වෙනස් නොකරයි. මිතුරු මිතුරියන් ඉතා අඩු ය. එහෙත් ලෞකික සැප සම්පත් භුක්ති විඳින්නියකි. දාර්ශනික-අධ්‍යාත්මික අංශය ඉතා දුබල ය. නොමැරෙන අයෙකු ලෙස ජීවත්වේ. වෙ‍ෙළඳාම ආදියෙහි ඉතා ශූර තැනැත්තියකි.

වටකුරු ගෙල ඇත්තිය

භෞතික සහ ආධ්‍යාත්මික යන අංශ දෙකෙන් ම පොහොසත්ය. දෙවියන් -බුදුන් කෙරෙහි ඉමහත් බැතිමතියකි. පින් පව් ගැන නිතර මෙනෙහි කරයි. සමාජයේ ගරු බුහුමන් ලබන්නියකි. ආදරයට ආදරය කරන්නියකි. ධනය-වස්තුව ලබන්නා සේම ඒවා දීමට ද කැමති ය. ඉතා ඉක්මනින් තෘප්තියට පත්වේ. බර අඩි තබා ගමනේ යෙදේ. විශ්වාසදායක චරිතයකි. එහෙත් බොළඳ ගති පවතී. නිතර සිනහවෙන් සතුටින් ජීවිතය විඳින්නට ප්‍රිය කරන්නියකි. වහා රැවටෙන සුළු ය. තමාට හිතවත් සියලු දෙනා සතුටට පත්කිරීම තම සතුට බවට පත්කර ගෙන ජීවත් වන්නියකි. ජීවිතයේ මැදි වියෙහිදී දෙවැනි හෝ තුන්වැනි ප්‍රේම ලෝකයකට සිත යොමු කරයි. එහෙත් ‍ගෞරවය රැක ගනී.

දණ්ඩාකාර ගෙල ඇත්තිය

මේ ස්ත්‍රියගේ ගෙල දණ්ඩක් මෙන් දිගු ය. එමෙන්ම සිහින්ය. බලාපොරොත්තු කඩ වූ ශෝකී චරිතයකි. ජයග්‍රහණයන්ට වඩා පරාජයන්ට මුහුණ දේ. තරමක් කළහකාරී ය. මුරණ්ඩු ය. අතෘප්තිමත් ය. සාර්ථක ගෘහණියක් නොවේ. දරු සම්පත හීන ය. පිරිවර හා ධන සම්පත්තියෙන් දිළිඳු ය. ප්‍රේම දබඳතා විශාල ගණනක් ඇති කර ගන්නා නමුත් ඒවා ඉක්මනින් අවසන් කරයි. විධායක ශ්‍රේණියේ තනතුරු ලබන්නියකි. එහෙත් වෘත්තීය ජීවිතය දුෂ්කර ය. මිතුරු මිතුරියන් ඉතා අඩු ය. බොරු මාන්නය ලොකුම දුබලකම ය.

වටකුරු රැලි සහිත ගෙල ඇත්තිය‍

මහේෂිකාවක ලෙස ජීවත් වන්නියකි. පෙර පින් බොහෝ ඇති බවට ලකුණකි. ගෙලෙහි හොඳින් සමට කා වැදී ගිය රැලි තුනක් වේ නම් දෙව්ලොවින් මනු ලොවට පැමිණි තැනැත්තියකි. ගිය ගිය තැන ගරු බුහුමන් ලබයි. ධනය වස්තුව මෙන්ම බුද්ධියෙන් ද පොහොසත්ය. ඉතා අවංක සෘජු ගති ඇත්තියකි. අන් සතු දේ නොගන්නා තැනැත්තියක මෙන්ම තමා සතු දේ දීමට කැමති චරිතයකි. ඇත් ලීලාවෙන් ගමනේ යෙදේ. ඉක්මණින් තෘප්තියට පැමිණේ. ආකාශ වස්තූන් සිහිනෙන් දකී. අනුන් රවටන්නේ ද තමන් රැවටෙන්නේ ද නැත. සෑම දෙය ම පිරිසිදුවට සිදු කිරීම කැපී පෙනේ.

තර දිගු ගෙල ඇත්තිය

ඉතා වීර්යවන්ත ය. ශක්ති සම්පන්න ය. කරන දේ හරියටම කරයි. නායක තනතුරු දරයි. එහෙත් ප්‍රේමය හමුවේ ඉතා අසාර්ථක ය. බොහෝ විට අවිවාහක ය. සියුම් කර්මාන්ත ආදියෙහි අසාර්ථක ය. ආධිපත්‍යධාරී නමුත් නීතිගරුක ය. පොතේ හැටියට ම මිස හිතේ හැටියට වැඩ නොකරයි. තීරණයක් ගත්තොත් ගත්තාමයි.

වක්‍ර ගෙල ඇත්තිය‍

කොකෙකු ගේ මෙන් ඇල වී ගිය, නැමුණා වූ වක්‍ර ගෙලක් හිමි කාන්තාව කිසිසේත් විශ්වාස කළ නොහැකි චරිතයකි. ඇය තමාට ද අන් අයට ද අවාසනාව ගෙන දෙන්නී ය. එකවර පිරිමින් කිහිප දෙනක් ඇසුරු කරන්නියකි. නින්දා අපහාස විඳින්නියක නමුත් එයින් පසුබට නොවේ. බොහෝ විෂයයන් පිළිබඳ දැනුම ඇති බව පෙන්වීමට උත්සාහ කළ ද ඈ කිසිවක්ම නිසි ලෙස ඉගෙන ගන්නේ නැත. දුබල පෞරුෂයකට හිමිකම් කියයි. චංචල දෑසක් සහ නිතර වෙනස්වන සිතිවිලි ඇති තැනැත්තියකි.
මේ මූලික ලක්ෂණ මිශ්‍ර වී ඇති තවත් ප්‍රභේද රාශියකි. ඒ අය ගේ ගති පැවැතුම් වඩාත් ප්‍රකට ලක්ෂණ ඇසුරින් හඳුනා ගත යුතුව තිබේ. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ගෙල හිමි තැනැත්තිය ජීවිතයේ සැප දුක සම සමව භුක්ති විඳී.ඇගේ ගති පැවැතුම් ද සාමාන්‍ය ලෙස පවතී.

අනෙක් අයට බලන්න Share කරන්න.

Leave a comment

Comments