රැවුල කපන නිවැරදි විදිය මෙන්න…

පිරිමි අපිට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි මේ රැවුල. සමහරු නම් විලාසිතාවක් ලෙස වවනවා. ඒ සමහරු කැමති රැවුල කපන්න. සමහරුන්ට රැවුල වවන්න ආසා වුනත් ඔෆිස් එක තමයි ප්‍රශ්ණෙ. ඔය අතරෙ රැවුල වැවෙන්නෙ නැති අයත් ඉන්නවා. හරි කොහොමවුනත් අද අපි කතා කරන්නෙ රැවුල කපන අය ගැන. ඔබ රැවුල කපන විදිහ හරිද? රේසරය අරන් කපාගෙන කපාගෙන ගියාට එහෙම හරි යන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ඔබේ රැවුල සහ මුහුණ සවුත්තු වීමයි.

1. නිවැරදි ක්‍රමවේදය පිලිපදින්න
රැවුල කැපීමේදී එකම ක්‍රමවේදයක් තබාගන්න. එක එක දවසට එක එක විදිහට කපන්න එපා. අපි කියන්නෙ රැවුල් ස්ටයිල් එක ගැන නෙවෙයි. ඔබ කපන පිලිවෙල ගැනයි. ඒක වෙනස් කරන්න එපා. අපේ ගොඩක් අය කරන්නෙ රැවුල කපන ක්‍රීම් එකක් සහ රේසරයක් ගන්නවා තල 10ක් විතර තියෙන. ඊට පස්සෙ ක්‍රීම් එක මූණෙ ගාලා රේසර් එක අතුල්ලගෙන අතුල්ලගෙන යනවා, එහෙම බෑ.

2. මුලින්ම මුහුණ සූදානම් කරගන්න
නාලා ඉවරවෙලා රැවුල කපන්න. එහෙමත් නැත්තම් උණු වතුරෙන් මුහුණ හෝදගෙන ඉන්න.උණු වතුර ඔබගේ සම මෘදු කොට රේසරයට වැඩේ පහසු කරනවා. ඔබ නිවාඩු පාඩුවේ රැවුල කපනවා නම් උණු වතුරෙන් තෙමාගත් ටවල් එකකින් විනාඩි 3ක් පමණ මුහුණ තවාගෙන රැවුල කපන්න. රේසරයත් උණු වතුරෙන් සෝදාගෙන ඉන්න. ඒ වගේම කැපුම් වාර දෙකකට සැරයක්ම බ්ලේඩ් එක සෝදා එය අතර රැඳුනු රැවුල් කොට ඉවත් කරගන්න.

3. තල ගාන වැඩි වුනාට ඇති හොඳක් නෑ
තල දෙකේ තුනේ හතරේ රේසර් වෙළඳපලේ තියනවා. බලාගෙන හමත් හෑරිලා ඇටකටුත් මතුවෙයි. ව්‍යාපාරික උගුල් වලට රැවටෙන්න එපා. තනි තලය හොඳටම ඇති. අර සැලුන් එකේ අයියා රැවුල කපන ජාතියෙන් එකක් නම් හොඳායි. ඒකෙන් තමයි හොඳටම කැපෙන්නෙ හැබැයි ඒකෙ ආරක්ෂාව නම් මදි. හොඳට මතක තියාගන්න තල ගාන නෙවෙයි තලේ මුවහත තමයි හොඳ රැවුල කැපීමකට වැදගත්.

4. පෙර කැපුම් තෙල් එකක් ආලේප කරන්න
වෙළඳපොලේ තියනවා රැවුල කැපීමට පෙර ආලේපකළ යුතු තෙල් වර්ග. එක උදව් වෙනවා සුසිනිඳු රැවුල බෑමකට. මේක ක්‍රියාකරන්නෙ හරියට ලිහිසි තෙල් එකක් වගේ. රැවුල කපනකොට තලය කිසිම තදක් නැතුව ලිස්සලා යන්න මේ තෙල් එක උදව්වෙනවා. සම මත අමතර තෙල් ස්ථරයක් ලෙස සිට සුමට රැවුල බෑමකට උදව් කරනවා.

5. ප්‍රමිතියෙන් ඉහළ රැවුල බෑමේ ක්‍රීම් එකක් භාවිතා කරන්න
ඉතා කුඩා වායු අංශු ලෙස විසිරෙන ක්‍රීම් භාවිතා කරන්න එපා. ප්‍රමිතියෙන් ඉහළ ක්‍රීම් එකක් ගන්න. හැම ක්‍රීම් එකක්ම එකවගේ නෑ. කෑන් වන එන ස්ප්‍රේ කරන ක්‍රීම් වල ඇති රසායනික ද්‍රව්‍ය සමට අහිතකරයි. එවා නිසා සමේ වියළි බව වැඩිවෙනවා. ස්වාභාවික අමුද්‍රව්‍ය අඩංගු ටියුබ් වල එක ක්‍රීම් වර්ග භාවිතා කරන්න. වැදගත් කරුණක් තියනවා. සමහර ක්‍රීම් වල අපි අර මුලින් කියපු තෙල් එකත් අඩංගු වෙනවා. එහෙම වෙලාවට තෙල් එක ආලේප කිරීමට අවශ්‍ය වන්නේ නෑ.

6. බ්‍රෂ් එකක් භාවිතා කරන්න
කවදාවත් ඇඟිලිවලින් ආලේප කරන්න එපා. බ්‍රෂ් එකක් භාවිතා කරන්න. උඩු අතර රැවුල් ගස් ඉස්සෙන ලෙස රවුමට කරකවමින් ක්‍රීම් ආලේප කරන්න. හොඳ බ්‍රෂ් එකකට පුලුවන් රැවුල් ගසේ අගටම ක්‍රීම් ගෙනයන්න. රැවුල හොඳින් කපන්න ඒක පහසුවක්. ඒ වගේ රැවුල් ගහ පුලුවන් උපරිම අගින් කපන්න පුලුවන් වෙන්න කෙලින් කරලා දෙන්නත් බ්‍රෂ් එකට පුලුවන්. ඊට අමතරව සමේ මැරුණු සෛල ඉවත් වෙන එකත් බ්‍රෂ් එකෙන් නිකම්ම වෙනවා.

7. රැවුල යන අතට කපන්න
මුහුණේ පහළ සිට ඉහලට නොව ඉහල සිට පහළට රැවුල කපන්න. කණේ සිට කට වෙත කපන්න. බ්ලේඩ් එක රැවුල් ගහට ඇල ආකාරයට තබා සුමටව පහලට ගෙන යන්න. රැවුල කැපියයුතු පැත්ත අපැහැදිලි නම් පහත සිතියම බලන්න

8. එකම තැන දෙපාරක් කපන්න එපා
ක්‍රීම් ආලේප නොකර එකම තැන දෙපාරක් කපන්න එපා. දෙතුන් වරක් කැපීම සම තුවාල වීමට හේතුවේ. ඒ වගේම රේසරේ තලය ගෙවෙන්නත් ඒක හේතුවක්.

9. පසු කැපුම් ලෝෂන් ආලේප කරන්න
ඔව් ඔව් after shave ආලේප කර සමට නැවත තෙතමනය ලබාදී කැසීම් වැනි අපහසුතා මඟහැරගන්න. රැවුල කැපීම ඔබේ සමෙහි ස්තරයන් දෙකක් ඉවත් කරයි. aftershave වලට පුලුවන් එම ඉවත්වූ ස්තර වෙනුවට නැවත් තෙතමනය ලබාදෙන්න. මධ්‍යසාර රහිත after shave භාවිතා කරන්න. ඒවා සමට හිතකරයි.

10. අමතර
හදිසි වෙන්න එපා: පරක්කු නම් රැවුල කපන්නෙ නැතුව යන්න. වෙලාව ගන්න අනවශ්‍ය ලෙස නෙවෙයි හරි වෙලාව… රේසරය සෙමෙන් තද කර සෙමෙන් රැවුල කපන්න.

සම ඇද තබාගන්න: සෑම විටම මුහුණේ සම ඇද රැවුල බාන්න.

සිසිල් වතුරෙන් මුහුණ සෝදන්න: මුහුණ සෝදා වියළි ටවල් එකකින් පිසදාගන්න.

Leave a comment

Comments