ශ්‍රී දේවි ඝාතනය කරලා තියෙන්නේ කෝටි 240 ක ජීවිත රක්ෂණය ගන්නලු..

බොලිවුඩ් නිලි ශ්‍රී දේවිගේ මරණය පසුගිය කාලයේ ලෝකය පුරා ආන්දෝලනාත්මක පුවත් රැසක් මැවූ සිදුවීමක් බවට පත්වුනා. කෙසේ නමුත් නැවතත් ඇයගේ මරණය සම්බන්ධව අලුත් මතයක් පලවීම නිසා බොලිවුඩ් ප්‍රේක්ෂකයන් අතර උණුසුම් කතාබහක් ඇති වී තිබෙනවා.

සුනිල් සිං නමැති චිත්‍රපට නිෂ්පාදකවරයාගේ නීතිවේදියා සඳහන් කරන්නේ ශ්‍රී දේවිගේ ඝාතනය සිදුව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 240 ක ජීවිත රක්ෂණ හිමිකම් මුදලක් ලබාගැනීම සඳහා බවයි. එසේම ශ්‍රී දේවිගේ ජීවිත රක්ෂණ ඔප්පුව ගැන ඕමාන් රාජ්‍යයෙන් වාර්තා වුන බවත් ඇයගේ රක්ෂණ මුදල ලබා ගැනීමට ඇය සැළසුම් සහගත ලෙස ඝාතනය කළ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම මෙම ජීවිත රක්ෂණ ඔප්පුවේ හිමිකම් මුදල ලබා ගත හැක්කේ ශ්‍රී දේවි ඩුබායිහිදී මිය ගියොත් පමණක් වන බැවින් ඇය ඩුබායිහිදී මෙලෙස ඝාතනය කර ඇති බවයි ඔහු පවසන්නේ.

එසේම ශ්‍රී දේවිගේ සැමියා අධික ලෙස ණය ගෙන තිබූ බවත් ඔහු දැඩි මූල්‍ය අර්බුධයකට මුහුණ පා ඇති බවත් ඇයගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂන සිදුකල හිටපු සහකාර පොලිස් අධිකාරී වෙඩ් භූෂන්ද ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ඇයගේ මරණයට ඩුබායි පාතාල කල්ලි නායක Ibrahim Dawood සම්බන්ධ බවත් සිද්ධියට අදාල CCTV දර්ශනද පරීක්ෂණ සඳහා ඉදිරිපත් කර නොමැති බවත් හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Leave a comment

Comments