හැම දාම මෙතන මසාජ් කරොත් ලැබෙන ප්‍රයෝජනය

ලෝකය පුරා ජීවත් වෙන මිනිස්සු විවිධාකාරයේ බෙහෙත් සහ ක්‍රම පාවිච්චි කරලා තමන්ට වැළඳෙන ලෙඩ රෝග සහ අපහසුතා සුව කර ගන්නවා. මින් ටිකක් ගම්බද ප්‍රදේශ වල ඉන්න අය වැඩිපුරම යොදා ගන්නේ අත් බෙහෙත් කිරීම හෝ ශාක ආශ්‍රිත ස්වභාවික දෙයකින් මේ කාර්යය ඉටු කර ගන්නයි.

මේ විදිහේ කාලයක් පුරා පැවතී ආපු සමහර ක්‍රම නම් අපිට වුණත් බොහොම වැදගත් වෙන්න පුළුවන්. මේ පාරම්පරික ක්‍රම වලින් සමහර විට ඉතා දිගු කාලයක් තිස්සේ පවතින රෝග පවා හොඳ කර ගන්න අවස්ථාවක් ලැබෙනවා. නමුත් ඒ විදිහට සුව වෙද්දී ෆාමසි වලින් සල්ලි දීල ගන්න බෙහෙත් බොන කොට වගේ අතුරු ආබාධ ඇති වෙන්න කිසිම ඉඩක් නෑ.

චීන කටු චිකිත්සාවත් මේ වගේ අපිට කිසිම වියදමක් නැතිව ටිකක් පුරුදු වුනොත් අපිටම කර ගන්න පුළුවන් ඉතා සාර්ථක වෛද්‍ය ක්‍රමයක්. මේකෙදි ප්‍රධාන වශයෙන් කරන්නේ සිරුරේ ස්නායු එක් රැස් වෙන තැන් වලට (නිල වලට) පීඩනයක් දීලා රෝග සුව කරන එකයි. ශරීරය අභ්‍යන්තරයේ තියෙන මේ වගේ නිල තද කරන්න විශේෂයෙන් සකස් කරපු කටු ඕන වුණත් වාසනාවකට අපිටම තද කර ගන්න පුළුවන් විදිහට ශරීරයේ මතුපිට පවා මේ වගේ නිල පිහිටා තියෙනවා.

චීන ක්‍රමය අනුව මේ සියලු නිල පිහිටා තියෙන්නේ අපේ සිරුරේ ශක්ති රේඛාවන් මතයි. මේ වගේ රේඛා දෙකක් හමු වෙන තැන ප්‍රබල නිල පිහිටනවා. ඒ නිසා එවන් තැන් නිවරදි විදිහට තද කරන එකෙන් ඔබේ ශක්තිය හිර වී ඇති තැන් මුදා හැරලා ඔබේ සෞඛ්‍යය හා මානසික මට්ටම වැඩි දියුණු කර ගන්න අවස්ථාව ලැබෙනවා.

මේ විදිහට කටු චිකිත්සාව පිලිබඳ හොඳ දැනුමක් තියෙන චීන විද්‍යාඥයන්ගේ අදහස LV-3 හෙවත් ටයි චොන්ග් ලක්ෂ්‍යය මේ විදිහට ශක්ති රේඛා කිහිපයක්ම එකතු වෙන බලගතු නිලයක් බවයි.

රූපය බලද්දී පේනවා ඇති මේක පිහිටලා තියෙන්නේ දකුණු පාදයේ දෙවැනි ඇඟිල්ලට ටිකක් ඉහළින්. මෙතන දිනපතා විනාඩි දෙකක් පමණ රවුමට රවුමට සම්බාහනය කරාම ඔබට ගුණ බොහොමයක් ලබා ගන්න පුළුවන් වෙනවා. හිසරදය, නිදිමත ගතිය, හිස කරකැවිල්ල, කටේ බිබිලි, ඇස් බොඳ වී පෙනීම, ඇස් අවට ඉදිමීම හා රතු පහ වීම, ඔක්කාරය හා වමනය, මළ බද්ධය, බඩ එලිය යාම, කාංසාව, නින්ද නොයාම වගේම කේන්ති යන ගතියත් අඩු කර ගැනීම මේ අතර වෙනවා.

ඉතින් මේ ටයි චොන්ග් නිලය තියෙන තැන හරියටම හොයා ගන්න විදිහත් දැන් ගමු නේද? මුලින්ම මහපට ඇඟිල්ලත්, දෙවැනි ඇඟිල්ලත් එකතු වෙන තැනින් අතේ ඇඟිල්ලක් තියන්න. දැන් ඊට ඔබේ ඇඟිල්ලක මහතට සමාන ප්‍රමාණයක් උඩින් තියෙන තැන බලන්න. එතැන තමයි නිවැරදි තැන. තවත් හොඳට තේරුම් ගන්න අවශ්‍ය නම් පහලින් තියන වීඩියෝ එක බලන්න පුළුවන්.

මේ ලිපිය යාලුවොන්ට share කරන්න අමතක කරන්න එපා. මේ වගේ කිසිම මිලක් යන්නේ නැති ක්‍රම පාවිච්චි කරලා ඔබටත් අපහසුතා වලින් මිදෙන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා. එහෙනම් තවත් දැනුම පිරුණු ලිපියකින් හමු වෙමු.

Leave a comment

Comments