ඔබ අත මිටි මොළවන විදිහ අනුව ඔබ ගැන කියවෙන දේ..

788

අපේ යම් යම් හැසිරීම් අනුව, ඒ වගේම අපේ ඇඟේ හැඩය, මුහුණේ පෙනුම අනුව අනුව අපි කොයි වගේ කෙනෙක්ද කියන එක හිතා ගන්න ක්‍රම බොහොමයක් තියෙනවා. මේ අතරින් වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ හස්ත රේඛා ශාස්ත්‍රය සහ දේහ ලක්ෂණ ශාස්ත්‍රයයි. මේ දේවල් විද්‍යාවට අහු වෙන්නේ නැති බව ඇත්ත, නමුත් ඒවා තුල යම් ප්‍රමාණයක ඇත්තක් හැංගිලා තියෙනවා.

දැන් අපි බලන්න යන්නේ අපි අත මිටි මොළවන විදිහ තුලින් අපි කොයි වගේ කෙනෙක්ද කියලා අඳුන ගන්නයි. මේක ඔබේ මිතුරන් එක්ක වුණත් අත්හදා බලන්න පුළුවන්. මේ රූපය බලලා ඒ තියෙන ඕනෑම විදිහකට අපිට අත මිට මොළවන්න පුළුවන්, හැබැයි විශේෂයෙන් හිතන්නේ නැතිව ස්වභාවික විදිහට අත මිට මොළවනකොට සිදු වෙන විදිහ ගැන තමයි මෙතැනදී අපි සැළකිල්ලට ගන්නේ.

ඉතින් එහෙනම් ඔබ ගැන දැන් ගන්න වැඩේ පටන් ගමු.

1. මේ රූපයේ පේන විදිහට අත මිට මොළවන කෙනෙක් නම්:

මෙහෙම කෙනෙක් ගොඩක් දුරට හිත හොඳ කෙනෙක්. මේ වගේ අයගේ ආත්මාර්ථකාමී ගතිගුණ තියෙනවා බොහොම අඩුයි. කොහොම වුණත් හිත හූන්ද කම නිසාම රැවටිලිකාරයන්ට අහු වෙන්න ඉඩක් තියෙනවා. මෙයාල අලුත් දේවල් ඉගෙන ගන්නත්, අත් හදා බලන්නත් හරිම කැමතියි.

2. මේ දෙවැනි රූපයේ විදිහට ඔබ අත මිට මොළවනවා නම්:

මේ විදිහට අත මිට මොළවන අය හරිම නිර්මානශීලීයි. මේ වගේ අයත් කරුණාවන්ත වගේම තවත් අය නිතරම ඇසුරට ගන්න කැමැති වෙන පිරිසක්. ඔබත් මෙහෙම නම් ඔබට තමන් ගැන ඉහළ ආත්ම විශ්වාසයක් තියෙනවා, ඒ වගේම ඔබ නායකත්වයට උපන් හපන් කමක් තියෙන කෙනෙක්. කොහොම වුණත් දෙයක් නැති කර ගන්න ඔබට තියෙන බය නිසා ලොකු අවදානමක් අරගෙන ගන්න ඕනේ තීරණ වලට ඔබ ටිකක් බයයි.

3. අවසාන වශයෙන් ඔබ මිට මොළවන්ණේ මෙහෙම නම්:

මෙහෙම අත මිට මොළවන කෙනෙක්ට බොහොම සුන්දර රූපයක් තියෙනවා වගේම කාගේත් සිත් ඇද ගන්නා සුළුයි. ඔබට ජීවිතය ගැන පැහැදිලි දර්ශනයක් තියෙනවා. සිතින් හැම වෙලේම නිස්කලංක බව ප්‍රිය කරන ඔබ එදිනෙදා ජීවිතයේදී කරන දේවල් වලින් ඒ නිස්කලංක බව බිඳෙනවාට අකමැතියි. ඔබ ඒ තරම් දුර දිග නොබලා කටයුතු වලට පෙළඹෙන කෙනෙක්. ඒ වගේම සිතන තරම් හොඳට දෙයක් සිද්ධ නොවෙන්න ඉඩ තියෙන නිසා ඒ ගැන ටිකක් දුක් වෙන්නත් ඉඩ තියෙනවා.

ඉතින් ඔබ අත මිට මොළවන විදිහ මොකක්ද? මෙතන බොහොම කෙටියෙන් විස්තර කරලා තිබුණත් තවත් මේ වගේ දේවල් වලින් කෙනෙක්ගේ ඇතුලාන්තය මොන වගේද කියලා දැන ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් අලුතෙන්ම හමු වෙන කෙනෙක් වුණත් ටිකක් ඉක්මනට කොයි වගේ කෙනෙක්ද කියලා දැන ගන්න පහසු වෙනවා.

මේ ලිපිය ඔබේ යාලුවන්ටත් share කරලා ඔවුන්වත් දැනුවත් කරන්න. තවත් ලස්සන, ප්‍රයෝජනවත් ලිපියකින් හමු වෙමු.

Leave a comment

Comments

Close
Close