කෙට්ටු ඔබට ශරීරයේ බර වැඩිකරගන්න මෙන්න සාර්ථකම ක්‍රමයක්…

මහත අය කෙට්ටු වෙන්න දගලනවා.කෙට්ටු අයත් මහත් වෙන්න දගලනවා. ඒත් මහත අයට කෙට්ටු වෙන්න කරන්න තියෙන්නෙ ඉතිං ව්‍යායාම කරන එකනේ. කෙට්ටු අය මහත් වෙන්න මොකද කරන්න ඕන? කන එකද? කෑවාට මහත් වෙන්නෙ නැති අයත් ඉන්නවා. මහත් වෙන්න නම් කෑවට බැහැ. පෝෂ්‍යදායි ආහාර ගන්න ඕනි. නිවසේදීම අහාරයට ගන්න පුලුවන්, මහත් වීම හරියටම වෙන ආහාර කිහිපයක් ගැනයි අද අපි ඔබට මේ කියන්න යන්නේ..

එහෙමනම් බලන්නකෝ මේ වීඩියෝව,

රට ඉදි

රට ඉදි කියන්නෙ අපි නොදන්නවා උනාට, ඉතාමත් පොශ්‍ය ගුණය පිරිච්ච ආහාරයක්. දිනපතා මහන්සිවෙන පුද්ගලයන්ට ශක්තිය වැඩීමට ශක්තිජනක ආහාරයක් ලෙස රට ඉදි හදුන්වනවා. රට ඉදි වල ඇති තන්තුමය ස්වභාවය නිසා මල ද්‍රව්‍ය දිරවීමද පහසු කරනවා. දිනකට රට ඉදි 7ක් 8ක් ඇට ඉවත් කර, පැැය 6 ක් පමණ වතුරේ තබා ආහාරයට ගැනීමෙන් ඉතා සාර්තක ප්‍රතිපල ලබාගන්න පුලුවන්. ඒ වගේම රට ඉදි සමග බටර් හෝ, එළගි තෙල් ආහාරයට ගත්තොත් ප්‍රතිපලය තවත් ඉක්මන් වේවී. රට ඉදි කියන්නේ හදවත් රෝග, අස්ථි පද්ධතිය ශක්තිමත් වීමට, රක්තහීනතාවයටත් ඉතා හොද ආහාරයක්. ඒ නිසා මේවා ආහාරයට ගත්තොත් ඔබට මහත් වෙන එකට අමතරව, තව ප්‍රතිලාබ ලැබේවි.

බිත්තර සුදු මදය

බිත්තර සුදු මදය (කහ මදය නැතුව) ප්‍රෝටීන් පිරුණ හොද ආහාරයක්. ඔයාට පුලුවන් නම් දවසකට බිත්තර සුදු මද දෙකක් පමන ආහාරයට ගන්න, ඉක්මනින් මහත් වීමට හැකි වේවී.

පීනට් බටර්

පීනට් බටර් කියන්නේ රටකජු වලිං නිෂ්පාදනය කරන බටර් එකක්. ගොඩාක් රසයි. රට කජු කියන්නෙත් ප්‍රෝටීණ පිරුනු ආහාරයක්. පාන්,රොටී, වගේ දෙයක් කද්දි අපි ජෑම් මාගරින් වගේ දේවල්නේ පාවිච්චි කරන්නෙ. ඒත් පීනට් බටර් ඒ වෙනුවට යොදාගත්තොත්, සාර්ථක ප්‍රථිපල ලැබේවි. සුපර් මාකට් වලින් මෙය මිළදී ගත හැකිය.

Leave a comment

Comments