මෙන්න හදුනාගන්න ශුක්‍රාණු මාරයෝ..

0

ඔබත් බිරිඳත් දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ඉන්නවාද? එහෙනම් ශුක්‍රාණු වලට අහිතකර මේ ආහාර වලින් වළකින්නට වග බලාගන්න. ඒ නැතත්, කාන්තා පිරිමි ඔබ කොයි කවුරුත් මේ දේවල් දැනගෙන ඉන්න එක නුවනට හුරුයි.

1. පැණිරස හා සිසිල් බීම

අධික සීනි ඔබගේ බර වැඩිවීම මෙන්ම හෘදයාබාධ ඇතිවිය වීමටද හේතුවෙනවා පමණක් නොව එය ඔබගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩුකිරීමට මෙන්ම ඒවායේ ගුණාත්මක භාවය අඩු විය හැකිය. අන්න ඒ නිසා ඔබේ සීනි පරිභෝජනය පාලනය කිරීම වැදගත් ය.

2. සැකසූ මස්

බේකන්, හොට්ඩොග්ස් සහ හැම් වැනි සැකසූ මස් වර්ග වල අඩංගු කල් තබාගන්නා ද්‍රව්‍ය ශුක්‍රාණු වල ගුණාත්මක භාවයට හානි කරනු ලබයි. සමහර සකස් කරන ලද මස් වල සාමාන්‍ය මස්වලට වඩා වැඩි හෝමෝන ප්‍රමාණයක් අඩංගු විය හැකිය. එය ඔබේ ටෙටෙස්ටොස්ටෙරෝන් මට්ටමට බලපායි.

3. ටින් කළ ආහාර

ඊස්ට්‍රජන් වලට සමාන බලපෑමක් ඇති කළ හැකි රසායනික ද්‍රව්‍යයක් වන BPA මගින් ඔබේ ශුක්‍රාණු වල ප්‍රමාණය හා ගුණාත්මක භාවය අඩු කළ හැකිය.

4. මධ්‍යසාර

බීයර් විශාල ප්‍රමාණයක් ඔබේ ශරීරයේ ඇති ඊස්ට්‍රජන් ප්‍රමාණය වැඩි වන අතර ඒ තුලින් ඔබේ ශුක්‍රාණු ප්‍රමාණය අඩු කරනු ලබයි. මධ්‍යසාර පාන වර්ග ඔබේ අක්මාව වෙත බලපෑම් කරනව.ඒවායින් වැළකීම වඩාත් සුදුසුය.

5. සෝයා බෝංචි නිෂ්පාදන

සෝයා සෞඛ්‍ය සම්පන්න සහ රසවත් ආහාරයක් විය හැකි නමුත්, ඔබ පිළිසිඳ ගැනීමට උත්සහ කරනවා නම්, සෝයා හා සෝයා සහිත ආහාර විශාල ප්‍රමාණයක් පරිභෝජනය කිරීම වැළැක්වීම ඉතා හොද අදහසක් වේ. ඒ විශාල ලෙස සෝයා පරිභෝජනය ඊස්ට්‍රජන් වල ක්‍රියාකාරිත්වය අනුකරණය කරමින් ශුක්‍රාණු ප්‍රමාණය අඩු වීමට මග පාදයි.

6. සම්පූර්ණ මේද සහිත කිරි සහ කිරි නිෂ්පාදන

පරිසරයෙන් ආහාර සමග පළිබෝධ නාශක හා රසායනික ද්‍රව්‍ය එළදෙනුන් විසින් ආහාරයට ගනී. ඒවා එළදෙනුන්ගේ මේදයේ තැම්පත් වී එළකිරි වලට එකතු වේ. මේ රසායනික ද්‍රව්‍ය මගින් ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩුවීම වැනි ගැටළු ඇතිවිය හැක.

එබැවින් ඔබ පිළිසිඳ ගැනීමට උත්සහ කරනවා නම් මේවා දිනපතා පරිභෝජනය කිරීමෙන් මිදීම සුදුසු වේ.

7. පළිබෝධ නාශක සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු පළතුරු සහ එළවළු

එළවළු නැවුම් ලෙස කෘමීන්ගෙන් තොරව තබාගැනීම සඳහා පළිබෝධ නාශක ද්‍රව්‍ය සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය සුදුසු විය හැකිය. නමුත් ඒවාට ඔබේ ශරීරයට අහිතකර බලපෑම් ඇති කල හැකිය. සමහර පළිෙබෝධ නාශක පුරුෂයන් තුළ නිසරු භාවය ඇති කිරීමට හේතුවේ. එබැවින් කාබනික එළවළු සහ පලතුරු කන්න වඩා සුදුසු වේ. ඔබ කෑමට ගන්නා ආහාරයේ කිසිදු හානිකර රසායනික ද්‍රව්‍ය වලින් තොර බව සහතික විය හැකිය.

මේ පිලිබදව ඔබ දැනුවත් උනා වගේම පහත තිබෙන ෂෙයාර් බටන් එක ක්ලික් කරලා මේ පිලිබදව ඔබේ මිතුරන්ටත් දැනගන්නට ඉඩ හරින්න.

– නදීෂා ලක්මිණි

Leave a comment

Comments