මීට වසර කිහිපයකට කලින් මීමුරේ කියන්නේ මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් ගොඩාක් දෙනා කියන්නේ “සූරිය අරණ ෆිල්ම් එක කරපු ඒරියා එකනේ” කියා බව අපි කවුරුත් දනිති.. වසර ගණනක සිට පා ගමන් වල යෙදෙන්නන්ගේ පරාදීසයක් වූ මී මුරේ ගම්මානයේ කඳවුරු බිමක් ආරම්භ කිරීමට අදහස් කලේ මේ සුන්දර පරිසර පරාදීසය ලොවට පෙන්විය යුතු නිසාය.

ලකේගල නැගීමේදී මෙන්ම දිය නෑමේදීද මීමුරේ මරණ වාර්ථා වී ඇත. එක්තරා සංචාරක ආයතනයක් සමඟ ලකේගල නැගි රූපවාහිණී කණ්ඩායමක් පහලට ආවේ පැය අටක් බඩගින්නේ සිට පසුදා උදෑසනයි.. සුදුසුකම් නැති, අවභෝධයක් නැති කණ්ඩායම් සමඟ මීමුරේ ගොස් තමන්ගේ ජීවිතය උගස් කරන්නට කටයුතු කරන්න එපා යන්න අපි සැවොම මීමුරේට පැමිණෙන සංචාරක ඔබගෙන් ඉල්ලා සිටින්නේ, අදටත් කිසිදු විපතක් සිදු නොකර අපේ සංචාරකයාව නිවසට පිටත් කල, වග කිව හැකි සංචාරක ආයතනයක් වශයෙනි..

විවිධාකාර කම්කටොළු මධ්‍යයේ අප්‍රතිහත ධෛර්‍යයෙන් යුක්තව වසර හතරක් පුරා කරගෙන ආ මේ Meemure Jungle Resort සංචාරක ආයතනය අද වන විටත් මීමුරේ සංචාරක ව්‍යාපාරය තුල මුල් තැන අරගෙන වැජඹෙන්නේ අප ඔබ වෙත ලබා දෙන වඩාත් සුව පහසු, වෘත්තීමය සහ වගකීම් සහගත සේවාව නිසාය.. අද වන විට සංචාරකයින්ට නැවතීම සඳහා ස්ථාන 50කට වඩා වැඩි ප්‍රමාණයක් මීමුරේ පමණක් ඇත. එබැවින් මීමුරේ යෑමේදී ඔබ සැලකිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

1. ඔබ යන්නේ ඇත්තටම මීමුරේද?

වර්තමානයේ මීමුරේට ඇදෙන දැවැන්ත සංචාරකයින් ස්ංඛ්‍යාව නිසා මීමුරේ අවට සියළුම ගම්මාන තමන් මීමුරේ වැසියන් ලෙස හඳුනාගනිමින් සංචාරකයින් රවටා මිනිසුන් නවතා ගැනීමෙහි යෙදෙති. එම නිසා ඔබ සම්භන්ධ වෙන හෝටල් හිමියාගෙන් හෝ සංචාරක තැරැව් කරුවාගෙන් “ඔබ නවතින්නේ මීමුරේමද? යන්න සැක හැර දැන ගන්න.. නැතිනම් ඔබට කයිකාවල, පුස්සේ ඇල, කරඹකැටිය, වැනි ගම්මානවල නැවතී අමතර මුදලක් වියදම් කර ගනිමින් මීමුරේ බලන්නට යෑම සිදු විය හැක.

2. ඔබේ නවාතැන් – ආහාර පහසුකම් පිළිබඳව නිසි ලෙස විමසන්න. නවතින්නේ කොහේද අසන්න. කඳවුරු බැඳීමක් නම් ඒ කොහේද අසන්න.. නකලස් වනයේ කිසිදු තැනක කඳවුරු බැන්ඳීම නීතියෙන් තහනම් කරුණකි. ඔබට කැලේ කඳවුරු බඳිනවා යැයි යමෙක් කිවහොත් වහාම එම සංචාරක ව්‍යාපාරිකයා බැහැර කරන්න.. අවසන ඔබට සිදු වෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් වල්ලට අසුවී හිරේ විලංගුවේ වැටෙන්නටය. නැතිනම් පරිසර හිත කාමී ගම්මුන්ගේ බලපාම් වලට යටත්ව ආපසු ගෙදර එන්නට සිදුවේවි.

3. ආරක්ෂාව පිළිබන්ඳව විමසන්න.

විෂේෂයෙන්ම ත්‍රාසජනක ක්‍රියා වලදී ජීවිතාරක්ෂක සේවකයින් සපයනවාදැයි අසන්න. ආරක්ෂිත කබා, ආරක්ෂිත ලණු ආධාරක පමණක් දී පැත්තකට වී බලා සිටින මඟ පෙන්වන්නෙක් සමඟ එම කලාපයට ඇතුලු වීමෙන් වළකින්න.. ඔබට කලින් හැම ක්‍රියාවකම ඔහුට නියැලෙන ලෙස බල කරන්න. නැතිනම් ආරක්ෂිත කබා වලට ඔරොත්තු නොදෙන අවස්ථාවක ඔබට ජීවිතයෙන් සමුගන්න වේවි.

4. ඔබේ පෙළපත ආරක්ෂා කර ගන්න..

විනය ගරුක වෙන්න. පොලිතීන් වැනි පරිසරයට අහිත කර දේ පරිසරයට යොමු නොකිරීමටත්, තැන් තැන් වල මත්පැන් පානය කරමින් තම ආත්මය ලැජ්ජවාට පත් නොකිරීමටත් වග බලාගන්න. මීමුරේ රැකිය යුතුව ඉතිරිව තිබෙන්නේ පරිසරය පමණි. එය අනාගත පරපුරට ඉතිරි කරන්නට වග බලා ගන්න.

5. අන් අයට කරදරයක් වූ සැනින්, ඔබට කරදර වනු ඇත.

මීමුරේ ගැමියන්ට විහිළු තහලු නොකරන්නට වග බලා ගන්න. ඔවුන් ඔබට වඩා සිය දහස් ගුණයකින් දියුණු මිනිසුන් බව පමණක් සිහි තබා ගන්න.

6. ලාභ බඩුවේ හිලක් ඇත

ඔබ ගණන් විමසන කල්හි අඩුම ගණන් කියන විට විමසිලිමත් වන්න. අඩුම ගණන් කියද්දීත් සම්පූර්ණයෙන් විමසන්න. වැඩිම ගණන් කියන විටදීත් එලෙසම විමසන්න. එක් රාත්‍රියක් සඳහා 3500ත් 4500ත් අතර මිලකට සහ රාත්‍රී දෙකක් සඳහා 4500ත් 6000ත් අතර මිලක් අය කරන ස්ථාන, ඔබට සතුටුදායී සේවාවක් ලබා දෙනවා ඇති.

7. අතරමැදියන්ට හසු නොවන්න.

අන්තර්ජාලයේ දැන් මීමුරේ සංචාරකයින් වැහි වැසී ඇත. ඔවුන් කරන්නේ ඔබේ අත්තිකාරම් මුදල රැගෙන මීමුරේ හෝ ඒ අවට ගැමියෙකුගේ නිවසකට හෝ කඳවුරු බිමකට පංගාර්තු කිරීමයි. ඔබ වෙනුවෙන් එම ආයතනය නියෝජනය කරන්නේ කවුදැයි විමසන්න.. ඔහුගේ දුරකථන අංකය ඉල්ලා හිටින්න. ඔබ නවතින තැන, පහසුකම් සපයන්නාගේ දුරකථන අංකය විමසන්න. එසේ දීමට මැලි වන්නේ නම් ඔබ කරදරයේ වැටීමට කලින් ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්න.

මීමුරේ සංචාරක ව්‍යාපාරයේ පුරෝගාමියෝ හැටියට අපට ඔබ ගැන වග කීමක් ඇත.
+94767233815 අංකය ඔස්සේ අපව අමතන්න.

Leave a comment

Comments

Close
Close