කවදාවත් මේ දේවල් ගැන ෆේස්බුක් එකේ දාන්න එපා!

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුල අප විසින් ඡායාරූප, වීඩියෝ, සටහන් එක්කර මිතුරන් අතරේ බෙදා හරිනවා. මෙය විනෝදාශ්වාදය සදහා කරනු ලැබුවත් ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි වල ඔබ විසින් පල නොකළ යුතු දේවල් කිහිපයක්ම තිබෙනවා. නමුත් ෆේස්බුක් භාවිතා කරන බොහෝ දෙනෙක් මේ දේවල් ගැන දන්නේ නැහැ. දැන් අප කියන්න යන දේවල් ඔබගේ ෆේස්බුක් ගිණුමේ දමා තිබේ නම් අදම ඒ දේවල් මකා දමන්න.

ඔබගේ හැදුනුම්පත් හෝ පාස්පෝර්ට් විස්තර සහිත ඡායාරූප එක්කර තිබෙනවා නම් අදම ඒ දේවල් ඉවත්කර දමන්න. එවැනි තොරතුරු පළකර බොහෝ දෙනාට ඔවුන් නොසිතු නොපැතූ කරදරවලට මුහුණදීමට සිදුවී තිබෙනවා. ඔවුන්ගේ විස්තර සහිත ව්‍යාජ ඡායාරුප එක්කර සැකසු එවැනි හැදුනුම්පත් සහ පාස්පෝර්ට් මගින් ජාවාරම්වල නිරත වී තිබෙන අතර ඒවාට කිසිවක් නොදන්නා මෙම පුද්ගලයන් හසු වී තිබෙනවා.

ඔබගේ නිවසේ ලිපිනය සහ දුරකථන අංක ෆේස්බුක් ගිණුමේ දමා තිබේ නම් අදම ඒවා මකා දමන්න. ඔබගේ නිවසේ ලිපිනය සොයන හොරෙක් සතුරෙක් සිටිනම් එය ඔවුන්ට කරන උපකාරයක් වනවා නොඅනුමානයි. ඒ වගේම ඔබගේ දුරකථන අංකය මගින්ද ඔබව අපහසුතාවයට පත්කිරීමට ඕනෑම කෙනෙකුට පුළුවන්.

ඔබේ ආගමික හෝ දේශපාලන මතවාද ඔබ කුමන ආගමකට අයත් වූවත් කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කරත් කවදාවත් ඔබේ මතයන් පෞද්ගලික ෆේස්බුක් ගිණුම තුළ ප්‍රකාශ කරන්න එපා. එමගින් ඔබ නොදන්නා සතුරන් ඔබට ඇතිවීමට පුළුවන්.

ඔබගේ අඩ නිරුවත් ඡායාරුප සහ වීඩියෝ දර්ශන කිසිදු විටක ෆේස්බුක් ගිණුමට එක්කරන්න එපා. බොහෝ තරුණ තරුණියන් තමන්ගේ රහස් තොරතුරු සහිත වීඩියෝ සහ ඡායාරුප ෆේස්බුක් ගිණුමේ තමාට පමණක් නැරඹිය හැකි ලෙස සකසා එහි තබාගෙන සිටිනවා. නමුත් එය කිසිදු ආරක්ෂාවක් නොමැති ක්‍රමයක් ලෙස හැදින්වීමට පුළුවන්. ඔබගේ ගිණුම යම් පුද්ගලයෙකු විසින් හැක් කරනු ලැබුවොත් එම තොරතුරු මගින් ඔබගේ මුළු ජිවිතයම අවුල් වීමට පුළුවන්.

ඔබේ දරුවන්ගේ තොරතුරු ෆේස්බුක් ගිණුමට ඇතුළත් කිරීමෙන් වලකින්න. ඉගෙනුම ලබන පාසැල් පිළිබඳව කවදාවත් ඔබේ ෆේස්බුක් ගිණුමට ඇතුලත් කරන්න එපා. දරුවන් පැහැරගෙන ගොස් කප්පම් ලබා ගන්න හොරුන්ට මෙය පහසු ක්‍රමයක් වෙනවා. ඒවගේම කුඩා දරුවන්ගේ ඡායාරූප ඔබේ ෆේස්බුක් ගිණුමට එක්කිරීමෙන් වලකින්න. කුඩා දරුවන්ගේ මෙවැනි ඡායාරූප වලින් තම විකෘති ආශාවන් සංසිඳුවා ගන්නා පුද්ගලයින්ද සිටින බව ඔබ නොදන්නවා වන්නට පුළුවන්.

මෙය ෂෙයාර් කරලා ඔයාගේ යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න.

Leave a comment

Comments