ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුන හොඳම නායකයෝ 5 දෙනා මෙන්න..

4251

මේ වෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් නායකයෝ දෙදනෙකුත් පත් වෙලා ඉන්නවා. එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරඟ වල නායකත්වය දරන 19 වෙනි ක්‍රීඩකයා තමයි උපුල් තරංග කියන්නේ. ඔහුට පෙර නායකයින් 18 දෙනෙකු එක්දින තරඟ වලදී ශ්‍රී ලංකා පිල මෙහෙයවා තිබෙනවා. ඉන් 10 දෙනෙකුම තරඟ 10 කට වඩා වැඩි ප්‍රමාණයකදී ශ්‍රී ලංකාව මෙහෙයවා තිබෙනවා. ඒ අය අතරින් බිහිවුන හොඳම නායකයින් 5 දෙනා පිළිබදයි මේ සටහන…

1. කුමාර සංගක්කාර
ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි පිතිකරුවෙකු වන කුමාර සංගක්කාර තමයි නායකයෙකු ලෙසින් එක්දින තරඟවල වැඩිම ජයග්‍රහණ ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙන්නේ. 2009 වසරේදී එක්දින නායකත්වයට පත්වන සංගා තමන් මෙහෙයවන තරඟ 45 න් 27 කම ජය තම කණ්ඩායම ඉදිරියේ සටහන් කරන්නට සමත් වනවා. ප්‍රතිශතය 65.85 % යි.

2. සනත් ජයසූරිය
1998 වසරේදී නායකත්වයට පත් වන සනත් ජය සූරිය තරඟ 118 කදී නායකත්වය දරා තිබෙනවා. එයින් තරඟ 66ක් ජයග්‍රහණය කරන ඔහු පරාජයට පත් වී ඇත්තේ තරඟ 47ක් පමණයි.58.26 %ක් ලෙස එම ප්‍රතිශත අගය දැක්වෙනවා.

3. මහේල ජයවර්ධන
අර්ජුන රණතුංගට පසුව වැඩිම තරඟ ගණනකදී ශ්‍රී ලංකාව මෙහෙයවා ඇත්තේ මහේල ජයවර්ධනයි. 2004 වසරේදී එක්දින නායකත්වය බාර ගන්නා මහේල තරඟ 126 කදී තරඟ 68ක් ම ජයග්‍රහණයෙන් නිමකොට තිබෙනවා. එම ප්‍රතිශතය දැක්වෙන්නේ 58.05 %ක් ලෙසයි.

4. මාවන් අතපත්තු
මේ ලැයිස්තුවේ ඊලඟට ඉන්නේ මාවන් අතපත්තු.2001 අවුරුද්දේ ඉඳලා 2006 වෙනකල්ම මාවන් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ. එක්දින තරඟ 63 කදී තරඟ 35 කම ජය ශ්‍රී ලංකාවට හිමි කර දීමට මාවන් සමත් වෙනවා. එය ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 56.45 % යි.

5. ඇන්ජෙලෝ මැතිවුස්
2012 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය භාරගන්නා මැතිවුස් එක්දින තරඟ 98 කදී කණ්ඩායමට නායකත්වය ලබා දී තිබෙනවා.එයින් තරඟ 47ක් ජයගෙන ඇති අතර පරාජය වී ඇති තරඟ ප්‍රමාණය 45 ක්. ඔහුගේ තරඟ ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය 51.07 % යි.1996 වසරේදී ක්‍රිකට් කිරුළ ලංකාවට ගෙනා අර්ජුන රණතුංග ගැනත් යමක් කියන්න ඕනේ. මැතිවුස්ට වඩා ඔහුගේ තරඟ ජයගැනීමේ ප්‍රතිශතය අඩු වුනත් ඔහු ජයගෙන ඇති තරඟ සංඛ්‍යාව මැතිවුස්ට වඩා වැඩියි. 1988 වසරේ නායකත්වයට පත්වෙන අර්ජුන තමයි වැඩිම එක්දින තරඟ ගණනකදී ශ්‍රී ලංකාව මෙහෙයවා ඇත්තේ. තරඟ 193 කදී තරඟ 89 ක් ම අර්ජුනගේ නායකත්වය යටතේ කණ්ඩායම ජයගෙන තිබෙනවා.

Leave a comment

Comments

Close
Close