බර ඉසිලීමෙන් ඇඟ හදාගත්ත විසි හැවිරිදි රුසියානු සුරූපිණිය

0

බොහෝ තරුණියන් කැමතියි තමන්ගේ සිරුරේ හැඩය ලස්සනට තියාගන්න. ටිකක් බර වැඩි වුනත් ජිම් එකකට ගිහින් ඇඟ ලස්සනට හදාගන්න බලනවා. ජුලියා වින්ස් කියන තරුණිය 15 හැවිරිදි වියේදී තමයි ජිම් යන්න පටන්ගන්නේ. ඇයට අවශ්‍ය වුනේ වෙනත් තරුණියන් වගේ සිරුරේ ලාලිත්‍ය රැකගන්න නෙමෙයි පවර්ලිෆ්ටර් කෙනෙක් හැටියට තමන්ගේ වෘත්තීය ආරම්භ කරන්න.

දැන් 20 හැවිරිදි වියේ පසුවන ජූලියා ලොව පුරා පවර්ලිෆ්ටින්ග් චම්පියන්ශිප් ගොඩක් දිනාගෙන තියෙනවා. ඇය ඉතාමත් සුන්දර තරුණියක් නමුත් පිරිමියෙකුගේ වගේ මසල්ස් වලින් පිරුණු සිරුරක් තමයි දැන් ඇයට තිබෙන්නේ. මේ නිසා ඇය ගොඩක් අවධානයට ලක්වෙලා, ඒ වගේම ඇය සාමාන්‍ය තරුණියන් වගේ නිතරම මේකප් යොදනවා. ජූලියා තමන්ව හඳුන්වන්නේ “මසල් බාබි” කියලා. ඇය සඳහන් කරන්නේ තමන්ගේ ශක්තිමත් සිරුරට ගැලපෙන හිතක් තමන්ට නැති බවත් ඇය ඉතා සංවේදී බවත් ය.

ඇය සතියට හතර වතාවක් පුහුණුවීම් වලට සහභාගී වන අතර පැය 3-5ක කාලයක් පුහුණුවීම් වල යෙදෙනවා. ඇය දිනකට කුඩා ආහාරවේල් 6ක් පමණ ලබාගන්න අතර ඒවාට මස්, බිත්තර, එළවලු, බත් සහ චීස් ඇතුලත්. ජූලියා මේ වන විට බොහෝ ජනප්‍රිය අතර ඇයට ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ 200000 ක් පමණ ෆලොවර්ස්ලා ඉන්නවා.

මේ වීඩියෝව ෂෙයාර් කරන්නත් අමතක කරනන් එපා.

Leave a comment

Comments