මේ සතිය ඔබට කොහොමද..? අගෝස්තු 12 සිට 18 දක්වා සතියේ ලග්න පලාඵල

මේෂ

ශුභ අශුභ මිශ්‍රඵල සහිත වේ. තමාගේ දියුණුව පිළිබඳ සිතමින් කටයුතු කරයි. ඉඩකඩම් මිලදී ගැනීමට යහපත් කාලයකි. රැකියාවේ වෙනස්වීම් ඇතිවීමට හැකිය. හවුල් ව්‍යාපාරයන්ට යහපති.
නුසුදුසු අයගේ ඇසුර හෝ ඇතැම් විට නපුරු අයගේ ඇසුර හමුවේ ලෞකික දේට වඩා ලෝකෝත්තර දේට හිත යයි. සතිය මැදදී බඩේ අමාරු සෑදීමට හේතුයි. නැදෑයින් සමග හොඳ හිත පලුදු වේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු සහ නිල්
සුබ අංක – 1, 2, 4, 5, 7, 9
සුබ මැණික් – රතු, කොරල්, රතු මැණික්

වෘෂභ

මිශ්‍ර ඵල සහිත වේ. ක්‍රියාශූර කාලයකි. කරුණාවන්ත නිරෝගී වේ. සහෝදරයින්ට යහපත් නැත. සුඛෝපභෝගීව ජීවත් වේ. ආගමික භක්තිය හීන කරයි. එනමුත් පුද පූජා කටයුතු කිරීමේ ආසාව ඇති වේ. ඇවිදිලි බහුල වේ. කතාවෙන් ජීවන වෘත්තිය වර්ධනය වේ. කෙළිලොල් දින කිහිපයකි. හදිසි ධන ලාභයකට හිමිකම් ඇත. සෙම් රෝග සඳහා ඉඩකඩ පවතී.

සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

මිථුන

මිශ්‍රඵල සහිත සතියකි. පුළුල් දැක්මකින් කටයුතු කරයි. එක් කටයුත්තක් දිගටම කරගෙන යාමට මැලි වේ. නිතර කියවිලි වේ. අපක්ෂාතීව කටයුතු කරයි. හදිසි තීන්දු තීරණ නොගනී. සතිය මැදදී තම කටයුතු අවුල් කර ගනී. පවට බිය නොවේ. හදිසි අනතුරකට හේතුයි. බ්‍රෝකර් කටයුතුවලින් වාසි ලැබේ. ඉඩම් යාන වාහන දේපළ මිලදී ගැනීමට යහපත් වේ. මුහුණ අවලක්ෂණ වේ. සෙම් රෝග උදරාබාධවලට හේතු වේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ, කහ
සුබ අංකය – 3, 5
සුබ මැණික් – පච්ච

කටක ලග්නය

මිශ්‍රඵල සහිත වේ. සතුරන් පරාජය වේ. දියුණුව පිණිස කරන කටයුතු අවුල් සහගත වේ. ඇසුරු කරන අය සමග අමනාපකම් ඇති කර ගනී. කලාත්මක සිතුවිලි වර්ධනය වේ. සහෝදරයන්ට යහපත්ය. ඇවිදිලි සහිත වේ. හවුල් කටයුතු කිරීමේදී අපහසුතා ඇති වේ. ආත්මශක්තිය අඩු වේ. ධීවර කර්මාන්තකරුවන්ට යහපත් වේ. පීනස වැනි සෙම් රෝගවලට හේතු වේ.

සුබ දවස් – ඉරිදා, සඳුදා,
අඟහරුවාදා, අඟහරුවාදා, සිකුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්
සුබ අංකය – 2, 7, 9
සුබ මැණික් – මුතු

සිංහ ලග්නය

මිශ්‍රඵල සහිත සතියකි. දුර ගමන් බිමන් යෙදේ. අනුකම්පා සහගත සිත් ඇති වේ. අන් අයගේ සිත් දිනා ගනී. සතුරන් පරාජය කර ජය ලබයි. රස ආහාරයට ප්‍රිය කරයි. ස්ත්‍රියක් නම් නපුරු සිතුවිලි ඇති වේ. සිතට දුක් සහිත කරදර ළං වේ. නිකරුණේ ඇවිදිලි සහිත වේ. සහෝදර සහෝදරියන්ට සිත් ලැදි වේ. උෂ්ණ රෝගවලට හේතු වේ. බෝවන රෝග පහසුවෙන් වැලඳීමට ඉඩකඩ පවතී.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 4
සුබ මැණික් – පද්මරාග

කන්‍යා ලග්නය

මිශ්‍රඵල සතියකි. ධන වාසනා හිමිය. මිතුරන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් වාසි ලැබේ. ඉවසිලිවන්ත වේ. ජීවිතය පහසුවෙන් ගත කරයි. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි. ප්‍රේම සබඳතාවන්ට එතරම් හොඳ නැත. ඇතැම් විට සබඳතා කිහිපයක් ඇති කර ගනී. සමාජයේ අවමානයට ලක්විය හැකිය. කතාවෙන් අන් අය වශී කර ගනී. නෑදෑයින් හේතුවෙන් මුදල් හානි වේ. සෙම් අමාරු සහිත වේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ
සුබ අංකය – 2, 3, 5, 7
සුබ මැණික් – පච්ච, ගෝමේද

තුලා ලග්නය

මිශ්‍රඵල සහිත සතියකි. ආදායම් තත්ත්වයේ වෙනස්වීමක් ඇති වේ. දුර්වල අයට උපකාර කිරීමට පෙලඹේ. පිට පළාත්හි සංචාරයට පමුණුවයි. තද සිත් ඇති කරයි. සිතූ දේ කිරීමට පෙලඹෙයි. පියාට හිතවත් වේ. කලාකාමී සිත් පහළ වේ. රහස් පාප ක්‍රියාවන්ට පෙලඹිය හැක. ඇස් රෝග සඳහා හේතු වේ. ආත්මාර්ථකාමී වේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය

මිශ්‍රඵල සහිත වේ. හවුල් කටයුතුවලට ශුභ වේ. සතිය මැදදී සිත දූෂ්‍ය වන කරුණු ගෙන දේ. දුෂ්ට ක්‍රියාවන්ට සිත් වේ. කෝපය ගින්නක් මෙන් ඇවි‍ලේ. එහෙත් අන් අය කෙරෙහි අනුකම්පා සහගත වේ. ප්‍රේමය හේතුවෙන් දුකට පත් වේ. හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කරයි. ධනය නිකරුණේ වියදම් කරයි. නිශ්ඵල ගමන් බිමන් යෙදේ. සහෝදරයන්ට සිත් වේ. පපුවේ වේදනා සහිත ගති ඇති වේ. හිසේ වේදනාවන්ද ඇති වේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 2, 4, 5, 7
සුබ මැණික් – රතු මැණික්, කොරල්

ධනු ලග්නය

මිශ්‍රඵල සහිත වේ. ඉතාම යහපත් කාලයකි. ඇවිදිලි සහිත වේ. සමාජශීලී වේ. මිතුරන් අධික වේ. බොහෝ විට කතාව හේතුවෙන් ප්‍රකට වේ. මුදල් වියදම් කිරීම හැර ඉතුරුවක් අපේක්ෂා නොකරයි. වෙළෙඳාමෙන් රැකියාවෙන් ලාභ ලැබේ. නිකරුණේ නින්දා අපහාස විඳීමට ඉඩ ඇත. මහන්සියකින් තොරව කටයුතු කරයි. වැටීම් හදිසි අනතුරු හේතුවෙන් මුහුණ ප්‍රදේශය තුවාල විය හැකිය.

සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – කහ
සුබ අංකය – 3, 5, 6, 8
සුබ මැණික් – පුෂ්පරාග

මකර ලග්නය

මිශ්‍රඵල සහිත වේ. සියලු යහපත් ඵල උදා කරයි. දුර්වල ශරීර සහිත වේ. සටන්කාමී සෘජු අදහස් ඇති කරයි. විවාහ සහකරු සමග සහයෝගයෙන් කටයුතු කරයි. සිතුවිලි මෙහෙයවා රැකියා කටයුතු කරයි. ධාර්මික නිවුණු ගති වර්ධනය වේ. ගිලනුන්ට උපස්ථාන කිරීම දිළින්දන්ට සංග්‍රහ කිරීම වැනි දේට අවස්ථාව ලැබේ. සෙම් රෝගවලට හේතු වේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – නිල්
සුබ අංකය – 6, 8, 9
සුබ මැණික් – නිල් මැණික්

කුම්භ ලග්නය

මිශ්‍රඵල සහිත වේ. දෙමාපියන්ට සිතැති වේ. ව්‍යාපාරයන් දියුණු වේ. සතුරන් මර්දනය වේ. අනුකම්පා විරහිත සිත් වේ. පවට බිය නොවේ. බොහෝ විට බොරු කේළාම්වලට නතුවීමට ඉඩ ඇත. රෝග පීඩාවන්ට පහසුවෙන් ගොදුරු වේ. නෑදෑයින් සමග මතබේද ඇති කර ගනී. රැකීරක්ෂාවේදී ගැටලු ඇති කර ගනී. සන්ධිගත වේදනා සහිත රෝගවලට බෙහෙවින් ඉඩකඩ පවතී.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා,
සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු, නිල්
සුබ අංකය – 3, 8, 9
සුබ මැණික් – කාක නිල්

මීන ලග්නය

මිශ්‍රඵල සහිත වේ. ඉගෙනීම අතින් උසස් තත්ත්වයකට පැමිණේ. පැණි රස කෑමට ප්‍රිය වේ. මිතුරන් හීන වේ. ‍පොළොව තුළින් ලැබෙන වස්තූන්ට හේතුයි. දරුවන්ට සිතැඟි වේ. විනෝදයට කැමැති වේ. ප්‍රේම බන්ධන කිහිපයක් විය හැකියි. හවුල් කටයුතු සඳහා එතරම් හොඳ නැත. ආමාශගත රෝග, කෑම අරුචිය ඇති විය හැකිය. සතුරන් බහුල වේ. ප්‍රතිගාමී වන්න. ගුප්ත සිතුවිලි සහිත වේ. කම්මැලි වේ. කාලය කා දමමින් හුදෙකලාව ජීවත්වීම ප්‍රිය කරයි.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු, කහ
සුබ අංකය – 3, 9
සුබ මැණික් – පුෂ්පරාග, වෛරෝඩී

‍ජ්‍යොර්තිවේදිනී අයිරංගි එදිරිසිංහ
රිවිර පුවත්පත

Leave a comment

Comments