2018 සැප්තැම්බර් 16 සිට 22 දක්වා සතියේ ලග්න පලාපල

මේෂ

මිශ්‍රපල සහිත වේ. විවිධ බැටකෑම් තුළින් මිදී බලා‍පොරොත්තු මල්ඵල ගැන්වෙන සතියකි. ආර්ථික වශයෙන් ශක්තිමත් වේ. අධ්‍යාපනය ලබන්නන්ට ශුභ වේ. රැකියාවේ උසස්වීම්වලට හේතුයි. විවාහ අපේක්ෂිත අයට ඒවා සඵල වේ. පෞද්ගලිකත්වයට හානි සිදුවන අයුරින් කටයුතු කිරීමෙන් හානිදායක ප්‍රතිඵල උදාවේ. සැලසුම් සහගතව කටයුතු කරන්න. එවිට සියලු බලා‍පොරොත්තු ඉටුකර ගත හැකි වේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු සහ නිල්
සුබ අංක – 1, 2, 4, 5, 7, 9
සුබ මැණික් – රතු, කොරල්, රතු මැණික්

වෘෂභ

මිශ්‍රපල සහිත වේ. තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට හැකි වේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට ශුභ ප්‍රතිඵල ලැබේ. වෙනදාට වඩා ශක්තිමත් වේ. දූරදර්ශීව කටයුතු කරයි. මනස වෙහෙසවා කටයුතු කරන්නන්ට ලාභ ලැබේ. ප්‍රේම සබඳතා ශක්තිමත් වේ. මූල්‍යමය ලැබිම්වලට යහපත් වේ. දූ දරුවන්ට යහපත් වේ. තරමක ගැටුම්කාරී තත්ත්වයක් පෙන්නුම් කරයි.

සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

මිථුන

මිශ්‍රපල සහිත වේ. තමන් මුල් කර සිදුකර කරන කටයුත්තකට හේතුයි. වැය පක්ෂය ඉහළ යයි. ප්‍රේම සබඳතාවන් සඵල වේ. දූ දරුවන්ට යහපත් වේ. නව වෘත්තීන් බලා‍පොරොත්තු වූවන්ට ඉතාමත් යහපත් වේ. අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපනයට යහපත් කාලයකි. නව නිර්මාණ, නාට්‍ය හා සෞන්දර්ය ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට ශුභපල ලැබේ. ආර්ථික මූල්‍යමය ලැබිම්වලට හේතුයි. උදරාශ්‍රිත රෝග, ‍ලේ දූෂ්‍ය රෝගවලට ඉඩකඩ පවතී.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ, කහ
සුබ අංකය – 3, 5
සුබ මැණික් – පච්ච

කටක ලග්නය

මිශ්‍රපල සහිත වේ. මනස නිරවුල්ව තබාගැනීම අපහසු වේ. කරන කියන කටයුතුවලදී අන් අයගේ සහයෝගය ඔබ සිතූ තරම් නොලැබේ. යම් යම් බාධා ඇතිවිය හැකිය. වියදම් පාර්ශ්වය ඉහළ යා හැකිය. විවාහ අපේක්ෂකයන්ට ඒ සඳහා මූලික අඩිතාලම පෙන්නුම් කරයි. අධ්‍යාපනික ක්ෂේත්‍රයේ අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. උෂ්ණාධික රෝග, බඩවැල් ආශ්‍රිත මල බද්ධ රෝගවලින් ප්‍රවේශම් වන්න.

සුබ දවස් – ඉරිදා, සඳුදා,
අඟහරුවාදා, අඟහරුවාදා, සිකුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්
සුබ අංකය – 2, 7, 9
සුබ මැණික් – මුතු

සිංහ ලග්නය

ශුභපල පෙන්නුම් කරයි. තම රැකියා කරන ස්ථානයේ තමාගේ කටයුතු උදෙසා වැඩ කිරීමේදී කිසියම් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැක. අලුතින් ආරම්භ කරන කටයුතුවලින් ලාභ ලැබේ. ආර්ථික ලැබිම් ස්වභාවික ලැබිම්වලට හේතුයි. පුණ්‍ය කටයුතු සඳහා සිත් යොමුවේ. අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය ලබන්නන්ට යහපත් කාලයකි. වෛද්‍ය අංශයෙන් අධ්‍යාපනයට ශුභ වේ. සැප පහසුවට අවශ්‍ය දේ ලැබේ. ආමාශගත රෝගවලට හේතුයි.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 4
සුබ මැණික් – පද්මරාග

කන්‍යා ලග්නය

මිශ්‍රපල සහිත වේ. ආගමික කටයුතුවලට වඩාත් නැඹුරු වේ. රැකියා කටයුතු සාර්ථක වේ. වැඩි මහන්සියකින් තොරව කරන කටයුතු සිදු කරයි. උත්සව සඳහා සහභාගි වේ. මිතුරන් ඔබ සොයා පැමිණේ. සිතේ සමාදානය ඇතිවේ. නිවසේ අලුත්වැඩියා කටයුතුවලට හේතුයි. හදිසි ධන ලාභයකට හේතුයි. ප්‍රේම සබඳතාවන් වර්ධනය වේ. විවාහ අපේක්ෂිත අයට ඒ සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ වේ. උදර ආශ්‍රිත රෝගයන්ට හේතුයි.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ
සුබ අංකය – 2, 3, 5, 7
සුබ මැණික් – පච්ච, ගෝමේද

තුලා ලග්නය

මිශ්‍රපල සහිතයි. පැවති තත්ත්වයට වඩා ශුභපල සහිත වේ. සමාජයේ කොයි කාගේත් පිළිගැනීමට ලක්වේ. මිල මුදල් යහමින් ලැබේ. කිහිප ආකාරයකින් ලැබිය හැකිය. රැකියාවේ තිබූ බාධක ඉවත් වේ. ආදායම් වැඩිකර ගැනීමේ මාර්ග සඳහා සිත යොමු වේ. ගේදොර කටයුතු යහපත් වේ. අධ්‍යාපන කටයුතුවල නියැළෙන්නන්ට යහපත් කාලයකි. මලබද්ධය වැනි උදරාශ්‍රිත රෝග සාදයි.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය

මිශ්‍රපල සහිත වේ. සමගිය සාමය සුරක්ෂිත කරගනී. නව මිතුරන් ආශ්‍රයට ලැබේ. මිල මුදල් ලැබිම අතින් යහපත් වේ. කෙසේ වෙතත් යම් යම් අවස්ථාවල කටයුතුවලට බාධා අවහිරතා පැමිණේ. අන්‍යයන්ගෙන් සහයෝගය ලැබිමෙන් තම කටයුතු සාර්ථක කරගත හැකිය. කල්පනාකාරීව කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වේ. භූමි ලාභවලට හේතුයි. උෂ්ණාධික රෝගයන්ට හේතුයි.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 2, 4, 5, 7
සුබ මැණික් – රතු මැණික්, කොරල්

ධනු ලග්නය

යහපත් සතියකි. ලැබිම් අතින් යහපත් වේ. ප්‍රිය සම්භාෂණ සඳහා සහභාගි වේ. තම කටයුතුවලට අන් අයගේ ආධාර උපකාර ලැබේ. මුදල් ලැබිම් අතින් එතරම් යහපත් නොවේ. අධ්‍යාපනය ලබන්නන්ට ශුභ වේ. ඉන්ද මහත් ප්‍රතිඵල ළඟාකර ගත හැකිය. මානසික පීඩාවන්ට හේතු වේ. ප්‍රේම සබඳතාවන්ට මුල පිරේ. මල බද්ධය වැනි රෝගයන්ට හේතුයි.

සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – කහ
සුබ අංකය – 3, 5, 6, 8
සුබ මැණික් – පුෂ්පරාග

මකර ලග්නය

මිශ්‍රඵල සහිත වේ. කේලාම්, ඕපාදූපවලට ලක්විය හැකිය. හුදකලාව ගත කළ කාලය නිමා වේ. අධ්‍යාපනය ලබන්නන්ගේ ක්‍රියා කලාපයන් අතර වෙනසක් දැකිය හැකිය. බාහිර කටයුතුවලින් මිදී අධ්‍යාපන කටයුතු කෙරේ උනන්දුවක් දක්වයි. ආර්ථික වාසි ලැබේ. ආදායම් ලැබිම යහපත් වුවද වියදම් පක්ෂය ඉහළ යයි. අධි රුධිර පීඩනය, බඩවැල් ආශ්‍රිත රෝග යනාදියට හේතු වේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – නිල්
සුබ අංකය – 6, 8, 9
සුබ මැණික් – නිල් මැණික්

කුම්භ ලග්නය

ශුභ ඵල සහිත වේ. තම කටයුතු ලෙහෙසියෙන් පහසුවෙන් කරගනී. දරුවන්ගේ සියලු කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින්නන්ට යහපත් කාලයකි. ස්වභාවික ලැබිම්වලට හේතු වේ. ආගමට දහමට නැඹුරුව කටයුතු කරයි. විවාහ බලා‍පොරොත්තු වූ අයට ඒ සඳහා පසුබිම සැකසේ. ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා,
සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු, නිල්
සුබ අංකය – 3, 8, 9
සුබ මැණික් – කාක නිල්

මීන ලග්නය

මිශ්‍රපල සහිත වේ. අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. විදේශ සංචාර සඳහා සුදුසු කාලයකි. නිවසේ ප්‍රීති උත්සවයකට හේතුයි. වියදම් පක්ෂය ඉහළ යයි. ණයතුරුස් වීමට හේතුයි. නිවසේ කටයුතුවලදී කල්පනාකාරී වන්න. ගැටලු ඇතිවිය හැකියි. රැකියා ස්ථානයේ ගැටලු ඇතිවීමට හැකිය. දුරබැහැර ගමන් යෙදේ. උෂ්ණාධික රෝගයන්ට හේතුයි. ආමාශගත රෝගවලට හේතු වේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු, කහ
සුබ අංකය – 3, 9
සුබ මැණික් – පුෂ්පරාග, වෛරෝඩී

Leave a comment

Comments