සතියේ පලාපල 2018 මාර්තු 04 සිට 10 දක්වා

0

මේෂ – වැඩපිළිවෙළෙහි වෙනස්කම්

ස්ථාන වෙනස්කම් හෝ ඊට අදාළ තාවකාලික වෙනස්කම් ඇති වේ. විටෙක තමා කරගෙන ආ කටයුතුවලට බාධා සිදු වේ. දිනපතා කෙරීගෙන යන වැඩපිළිවෙළෙහි වෙනස්කම් ඇති කරයි. කෙසේ වුවත් මෙම සතියේ දී දෙවිදියකින් ලාභ ප්‍රයෝජන ලැබිමේ ඉඩක් පවතී. හිතවතුන්ගේ ආධාරය උපකාරය ලැබේ. වැඩිහිටි සමීපතම ඥාතීන්ට අපල උදා කළ හැක. සතුරු කරදර බාධා ඉස්මතු වේ. නොතේරුම්කමින් කරන වැඩ නිසා ඇතැම් කටයුතු අඩාළ වීමේ ඉඩක් පවතී. කෙටි ගමන්බිමන් කිහිපයක්ම යෙදේ. විටෙක ප්‍රයෝජනවත් නොවන දේවලට මහන්සි වේ. එයට උත්සාහ කිරීමටත් වියදම් අධික වීමත් ඇති කරයි. තමාට නොගැළපෙන අය සමග ආශ්‍රය කිරීමෙන් වළකින්න. ගෙදරදොර කටයුතු ගැන සැලකිලිමත් වන්න. ආකූලතාවලට ඉඩ පවතී.
ජය වර්ණය- රතු, ජය අංකය- 09

වෘෂභ – වියදම් අධිකයි

කරගෙන යන වැඩපිළිවෙළ වෙනස් වනු ඇත. විටෙක අමුතු දෙයක් නිපදවීමේ ඥානයක් පහල වේ. විටෙක තම තනි මතයට කටයුතු කිරීමට යාමෙන් නොයෙකුත් ආකාරයේ ආකූලතා ව්‍යාකුලතා වර්ධනය වේ. මව්පිය වැඩිහිටි ආදීන්ට අසනීපාදී කරදර ඇති වේ. වියහියදම් අධිකයි. තමන්ට නොගැළපෙන අය සමග කටයුතු කිරීමෙන් වැළකිය යුත්තේය. විටෙක තමා කරගෙන ආ කටයුතුවල ඇනහිටීමක් පෙන්වයි. කෘෂිකර්මයේ යෙදී සිටින අයට අලාභ හානි සිදුවිය හැක. ඇති කරන තිරිසන් සතුන්ගේ විනාශයක් සිදුවිය හැක. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේශම් විය යුතුයි. හදිසි අනතුරු පීඩාදියට ඉඩ නැත්තේද නොවේ.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

මිථුන – කාර්ය බහුලයි

ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉතාම ඉහළ යනු ඇත. මිල මුදල් නාස්තිවීම් වේ. තැන්පත් ධනය හානිවීමට ඉඩක් පවතී. සිත නරක්වනසුලු වැඩ නිතර කෙරෙන්නට පුළුවන. කාර්ය බහුලවීමත් සමග සිතට සැනසීමක් ඇති නොවේ. විටෙක කරන මෝඩ වැඩ නිසා අලාභ හානි ඇති කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඇති කළ හැක. සතුරු කරදර බාධා ඉස්මතු වේ. වැටීම්, තැළීම් තුවාල, ‍ලේ දූෂ්‍යාබාධ, මූත්‍රා දෝෂ, උෂ්ණාධික රෝගාදියෙන් ද ප්‍රවේශම් විය යුතුයි. ගමන්බිමන්වල දී කරදරකාරී වාතාවරණයක් මතු කළ හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි. විටෙක මුරණ්ඩු ගති පහළ වේ.
ජය වර්ණය- කොළ, ජය අංකය- 05

කටක – ප්‍රධානීන්ගෙන් උපකාර

බලා‍පොරොත්තු කිහිපයක් යම් මට්ටමකින් ඉෂ්ට සිද්ධ වුව ද බාධා අවහිරතාවන්ට ද ඉඩක් පවතී. විටෙක අප්‍රසිද්ධව ගමන් යාමට සිද්ධ වේ. ගුප්ත ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි හිත ඇදී යයි. කෙසේ වුවත් රැකීරක්ෂා කරන තැන ප්‍රධානීන්ගේ උපකාර ලැබෙනු ඇත. මිල මුදල් ලැබිම අතින් යහපත් වුව ද මුදල් වියදම් අධික වනු ඇත. හිතවත් ඥාති මිත්‍රාදීන් තමා සොයාගෙන පැමිණේ. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ යෙදී සිටින අයට ශුභදායක වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය- ක්‍රීම්, ජය අංකය- 02

සිංහ – වෙළෙඳ ව්‍යාපාරවලට ශුභයි

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කෙරෙහි වැඩිපුර අවධානයක් යොමු කර කටයුතු කර ඒ තුළින් කිසියම් මට්ටමක දියුණුවක් ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ලාභ ප්‍රයෝජන අත්පත් වේ. අමුතුවෙන් ආරම්භ කරන කටයුතු මෙන්ම කරගෙන යන කටයුතු ද යහපත් වේ. මිල මුදල් ලැබිම අතින් ඉතාමත් ශුභයි. විවිධ ක්‍ෂේත්‍රයන්ට ඉඩ පවතී. ආදායම් ලබනු ඇත. සමාජයෙහි කිසියම් උසස්වීමක් ලැබේ. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් යුතුව ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. අලුත් දේවල් ඉගෙනීමට ඉඩ ලැබේ.
ජය වර්ණය- රතු, ජය අංකය- 01

කන්‍යා – වස්තු ලාභ

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සාර්ථක වේ. තමාගේ බලා‍පොරොත්තු කිහිපයක්ම ඉෂ්ට සිද්ධ වේ. අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගනී. ආර්ථික සහ මූල්‍යමය කටයුතු යහපත්ය. වස්තු ලාභ ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. ගෙදරදොර කටයුතුවලින් සැනසිලි සහගත තත්ත්වයක් උදා කළ ද දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුයි. තම තත්ත්වය උසස් කර ගැනීමට සිතයි. පවු‍ලේ වැඩිහිටියන් අතර ආශ්‍රය ලැබේ. සමාජීය සහ ආගමික අංශයට වැඩි නැඹුරුවක් ද වේ. හිතමිත්‍රාදීන් තමා සොයාගෙන පැමිණෙනු ඇත. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- කොළ, ජය අංකය- 05

තුලා – ආගමට යොමුවීමෙන් සහනය

තමාගේ කටයුතු කරගෙන යාමේ දී අන්‍යන්ගේ සහයෝගය ඔබ බලා‍පොරොත්තු වන තරමට යහපත් නොවේ. ඒ තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල කිසියම් අන්දමක පසුබෑමක් ඇති වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත් වුව ද බාධා අවහිරතා නැත්තේද නොවේ. ගෙදරදොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු වේ. පී්‍රති උත්සව, ප්‍රිය සම්භාෂණවලට යොමු වේ. ආගමික අංශයට නැඹුරුවීම තුළ සහනයක් ද සැනසීමක් ද උදා කරගනු ඇත.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

වෘශ්චික – ආදායම් මාර්ග රැසක්

අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු ලෙහෙසියෙන් ද පහසුවෙන් ද ඉටු කර ගනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග උදා කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත් වේ. වාසි සහගත තත්ත්වයක් උදා වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. ආගමික අංශයට, සමාජීය කටයුතුවලට ද යොමු වී ක්‍රියා කරන අතර ඒ තුළින් සහනයක් ද සැනසීමක් ද ලබයි. ඥාති මිත්‍රාදීන් තමා සොයාගෙන පැමිණේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය- රතු, ජය අංකය- 09

ධනු – ආර්ථිකය සරුයි

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වේ. අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා මට්ටමකට සාර්ථක කර ගනී. විටෙක යම් යම් බාධා අවහිරතා නිසා යම් යම් ප්‍රමාදතාවන්ට ඉඩ පවතී. එම නිසා තරමක් කල්පනාකාරී විය යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵල, ලාභ ප්‍රයෝජන අත්පත් කර ගනී. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අධ්‍යාපන ක්‍ෂේත්‍රවල නියුක්තව සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ආගමික සහ සමාජීය කටයුතුවලට යහපත්ය.
ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03

මකර – වෙළෙඳ ව්‍යාපාරවලින් වාසි

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වේ. අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා මට්ටමකට සාර්ථක කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. තමාගේ අය වෙනුවෙන් මුදල් වියදම් වේ. ආදායම් ලැබුණ ද වියදම් අධිකයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව ලැබේ. ආගමික සහ සමාජීය කටයුතුවලට ඉඩ සැලසේ. ඒ තුළ සහනයක් ද සැනසීමක් ද ලබයි.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

කුම්භ – බාධා ජයගනී

ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික ලාභ සදා ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. යම් යම් බාධා අවහිරතා ඇතත් ඒවා මැඬපවත්වාගෙන ක්‍රියා කරයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න. උෂ්ණාධික, උදරාශ්‍රිත රෝග, ‍ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් ප්‍රවේශම් විය යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට යහපත්ය. අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. ආගමික අංශයන්හි ද සමාජීය කටයුතුවල ද යෙදී සිටින අයට ශුභදායක වනු ඇත. ගමන්බිමන් කිහිපයක් යෙදේ.
ජය වර්ණය- නිල්, ජය අංකය- 08

මීන – සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු වේ. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමට යාමේ දී ප්‍රවේශම් වන්න. ගැටලුකාරී තත්ත්වයන්ට ඉඩ මතු කළ හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම්ම ශුභදායක නොවේ. ආදායම් ලැබුණ ද වියදම් අධික වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ඉතාම ප්‍රවේශම් විය යුතුයි. උෂ්ණාධික රෝග, ‍ලේ දූෂ්‍යාබාධ ඉස්මතු කළ හැකි බැවිනි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ආගමික අංශයට නැඹුරුවීම තුළ සහනයක් ද සැනසීමක් ද ලබයි. සමාජීය කටයුතුවලට හිත යොමු වේ.
ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03

ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී
ජී.ඇම්. ගුණපාල

Leave a comment

Comments