කාන්තාවන්ගේ නිකටේ පිහිටීම අනූව අැය ගැන කියැවෙන රහස් මෙන්න

කාන්තාවකගේ නිකට පිහිටි ආකාරය අනුව ස්ත්‍රීයකගේ චරිත ලක්ෂණ මෙන් ම වාසනාවන්තද, අවාසනාවන්තද යන්න ජීවිතයක් ගත කරනවාද යන්න පැවසීමේ හැකියාවක් දේහ ලක්ෂණ විද්‍යාවට හැකිය. කාන්තාවකගේ රූ සපුව වඩවන්නේ කාන්තාවන් සතු ශරීර අංග නිසයි. ඒ අතරින් කාන්තාවකගේ මුහුණේ අලංකාරය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ අැගේ නිකටයි.

නිකට කෙටි වී රවුම් වු ස්ත‍්‍රිය

අභ්‍යන්තර ගෞරවයට හා ප‍්‍රසංසාවට ලක් වේ. සියලූ‍ සැප සම්පත් ලැබේ. මෙවන් ස්ත‍්‍රියන්ගේ සැමියා බොහෝ ගුණගරුක කෙනෙකි. සැමියාගේ ආදරය රැකවරණය නොඅඩුව ලැබේ. දරුවන්ගේද ආදරය නොඅඩුව ලැබේ. මෙවන් ස්ත‍්‍රියන් අසරණයන්ට උදව් කරයි. ඉතා කරුණාවන්තය. ගුණදම් රකියි. සැවොම ආදරය කරයි.

නිකට හතරැස් හැඩයක් ගත් ස්ත‍්‍රිය

බොහෝ කල්පනා ශක්තිය ඇත, දක්ෂ කාන්තාවකි. මෙවන් ස්ත‍්‍රියන් සමාජයේ ඉහල යන්නේ දක්ෂකම නිසාවෙනි.

දික්වූ නිකටක් සහිත ස්ත‍්‍රිය

මවාගත් සිහින ලෝක වල ජිවත් වෙයි. ඊර්ෂයා සහිතය. කුහක ගතිවලින් පිරුණු අයෙකි. මොවුනට අග හිගකම් මැද ගෙවන ජිවිතයක් හිමි වේ . ජීවිතය ගැන විශාල බලාපොරොත්තු ප‍්‍රමාණයක් පොදි බැදගත් ස්ත‍්‍රියකි. තවද මොවුන් තුල කරුණාවන්තකම හා අනුන්ට උදව් කරන ස්වභාවය අඩු ය.

මස් රහිත නිකටක් සහිත ස්ත‍්‍රිය

ජීවිතය ගොඩනැගීමට අපමණ දුක් විදි. තම සැමියාගෙන්ද ආදරය, කරුණාව නොලබයි. මෙවන් ස්ත‍්‍රින් මැසිවිලි, තියුණු වචන නිතර නිතර කියයි. තම සැමියාට වධක භාර්යාවක් වේ. එම නිසා නිතර සැමියාගේ ප‍්‍රහාරයට ලක් වේ. දරුවන්ට ආදරය නොපෙන්නයි. නිවසින් පිටතදී සිය සැමියා හා දරුවන් සමගින් ඉතා ආදරයෙන් හා සතුටින් ඉන්නා බව පෙන්වයි.

නිකටේ ද්විභින්න භාවය ඇති ස්ත‍්‍රිය

මෙවන් ස්ත‍්‍රියන් බලාපොරොත්තු පොදි බැදගත් ස්ත‍්‍රියන් වේ. හැගිම්බර ය. සිතින් විදවයි. මොවුනට කරන වැඩවලින් හොදක් නොව නරකක් සිදුවේ. මොවුන්ගේ ජිවිත අවුල් වන්නේ දකින දකින දේ කරන්න යාමෙනි.

පළල් නිකටක් පිහිටි ස්ත‍්‍රිය

ඇය කොතරම් වස්තුව තිබුනත් සැහීමකට පත් නොවේ. තවද සැමියා රවටන, තමා සැමියාට බොරු කරුණාවන්තකමක් දක්වන අයෙකි. මෙවන් ස්ත‍්‍රිය රාගාධික වේ.

නිකට බෙදි හෝ කඩතොළු වු ස්ත‍්‍රිය

මෙවන් ස්ත‍්‍රිය කිසි දිනක විස්වාස කළ නොහැක. කියන දේ කරන, කරන දේ කියන යථාවාදී කතාකාරී ගුණය මෙවන් ස්ත‍්‍රිය තුල නැත. නිතර වචන වෙනස් කරයි.

උල් වු නිකටක් සහිත ස්ත‍්‍රිය

ඉතා ආත්මාර්ථකාමී ය. කිසිවකුට ඇහුම්කම් නොදේ. තම මතය වැරදි වුවද ක‍්‍රියාවට නගයි. තමා අදිපත්‍ය පතුරවයි. සැප සම්පත් වලට අසීමිතව ආශා කරයි. අනුන්ව වසගයට ගනී. තවද මෙවන් ස්ත‍්‍රිය අනුන්ගෙන් උදව් උපකාර ලබා ගනී. නමුත් පෙරලා උදව් නොකරයි. අහංකාරය, උඩගුය. ඉක්මනින් කෝපයට පත්වේ. හිතුවක්කාරය. මොවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණය වනුයේ ද්විත්ව චරිත රගපැමය.

නිකටේ රැවුල් ඇති ස්ත‍්‍රිය

නිතර පාපී ක‍්‍රියාවල යෙදේ. මොවුන් තුල කරුණාවන්ත බව අඩුය.

නිකටේ සියුම් ලෝම පිහිටි ස්ත‍්‍රිය

ඉතා රාගාධිකය, මෙවන් ස්ත‍්‍රින්ගේ විවාහයද අසාර්ථක වේ.

Leave a comment

Comments