ෆෝන් එක වතුරට වැටුණොත් කල යුතු දේවල් මෙන්න..

ජංගම දුරකථනය බැරිවෙලා වත් වතුරට වැටුනොත් කරන්න ඕනේ මොනවද කියන එක ගැන බොහෝදෙනෙක්ට අවබෝධයක් නැහැ. මෙවැනි අවස්ථාවකදී දුරකථනය බේරා ගැනීමට යාමේදී කරන වැරදි හේතුවෙන් මුළුමනින්ම දුරකථනය භාවිතයට ගැනීමට නොහැකි තත්වයට පත්වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී කළ යුතු නිවැරැදි දේවල් මොනවද කියලා අපි අද බලමු.

01. ජංගම දුරකථනය හැකි ඉක්මනින් වතුරෙන් ඉවතට ගන්න.

02. ඉක්මන්වීමෙන් ඔබේ දුරකථනයට ජලයෙන් වන හානිය අවම කරගැනීමට කටයුතු කළ හැකිය. කෙසේවෙතත් කලබල වෙන්න එපා, ඔබේ දුරකථනය විදුලියට සම්බන්ධ කර ඇත්නම් මුලින්ම ප්‍රධාන විදුලි ස්විචය අක්‍රීය කර ඉන්පසු දුරකථනය වතුරෙන් ඉවතට ගන්න.

03. දුරකථනය වතුරෙන් ඉවතට ගත් විගස බැටරි ආවරණය සහ බැටරි ඉවත්කර කඩදාසි තුවා හෝ මෘදු රෙදි කඩක් මත අතුරා තබන්න. දුරකථනය තෙත් වවිටදී හැකි ඉක්මනින බැටරිය ඉවත් කිරීමෙන් දුරකථනය තුල ඇති බොහෝ පරිපථ ජලය කථනය වීමෙන් බේරාගත හැක.

04. ඔබේ දුරකථනයෙ ඇති සිම්පතද ගලවා ඉවත් කරන්න. සිම් කාඩ් පතට ජලයෙන් වන හානිය අවමයි. කෙසේවෙතත් එය ඉවත්කර නැවත ඔබේ දුරකථනයට සම්බන්ධ කරන තෙක් හොදින් වියළීමට පසෙකින් තබන්න.

05. earbuds, memory cards එමෙන්ම phone cases ද ඉවත් කරන්න. දුරකතනය හොදින් වියළීමට එහි ඇති කුහර ආවරණය වන සියලු ප්ලග් ඉවත් කරන්න.

06. මෘදු කඩමාල්ලක් හෝ තුවායක් භාවිතයෙන් ඔබේ දුරකථනය හොඳට වියළන්න.

07. ඔබ දුරකථනයේ අභ්යන්තර කොටස් වලට ජලය ගොස් ඇත්දැයි සැක නම් වැකියුම් ක්ලීනර් එකක් භාවිතා කිරීමට උත්සාහ කරන්න. දුරකථනය ඉක්මනින් වියළාගෙන යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වේගවත්ම ක්‍රමය මෙය වෙයි.

08. දුරකථනය වියළා ගැනීමට හෙයා ඩ්‍රයර් භාවිතා නොකරන්න. එසේ කිරීමෙන් දුරකථනය තුල ගැඹුරු විදුලි සංරචක කරා, එම කුහර දෙසට තවදුරටත් තෙතමනය යා හැක.

09. දුරකථනයේ ඇති තෙතමනය උරාගැනීම සඳහා සුදුසු ද්‍රවයක් භාවිතා කරන්න. එහෙම නැත්නම් දුරකථනය කඩදාසි තුවායක ඔතා තබන්න. මිළ අඩු විකල්පය හාල් ටිකක් බදුනකට දමා එක් රැයක් දුරකථනය එහි බහා තැබීමයි.

10. එක් රැයක් දුරකථනය එසේ තැබීමෙන් පසුව හෝ එය සිදුකිරීමට නොහැකි වූයේ නම් තුවා හෝ වෙනත් කඩදාසි මත දුරකථනය පැතිලි කර තබන්න.

11. මෙසේ කිරීමෙන් පැය 24කට පසු ඔබේ දුරකථනය පරික්ෂා කර බලන්න. දුරකථනයේ ඇති සියළු උපාංග පරික්ෂා කර බලා දූවිලි හා කුණු ඇත්නම් පිසදමා ඉන්පසු බැටරිය ඇතුල් කරන්න. ඉන්පසු දුරකථනය on කර එය නිවැරදිව කටයුතු කරනවා දැයි නිරීක්ෂණය කරන්න.

12. මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් පසුවත් ඔබේ දුරකථනය නිවැරදිව කටයුතු නොකරන්නේ නම් ඔබේ දුරකථනය බලයලත් අලෙවි නියෝජිතයකු වෙත රැගෙන යන්න. එය තෙත් වී ඇති බව සැඟවීමට උත්සාහ කරන්න එපා, ඔබේ දුරකථනයට සිදුවී ඇති දේ පැහැදිලිව පැවසීමෙන් ඔබට අවශ්‍ය උපකාරය නිසියාකාරව ලබාගත හැකිවනු ඇත.

13. ඔබ දුරකථනයේ ඇති උපාංග වෙන් කිරීමට නොදන්නේ නම් කිසිවිටෙකත් එසේ කිරීමට යාමෙන් වළකින්න.

පහල තිබෙන ෂෙයාර් බටන් එක ක්ලික් කරලා ඔබ ලබාගත් මේ දැනුම ඔබේ මිතුරු මිතුරියන් අතරේ බෙදාගන්න අමතක කරන්න එපා..

Leave a comment

Comments