කිස් කරන වෙලාවට ඇස් වැහෙන්නේ ඇයි?

1377

කිස් කරන්නේ අපි විතරක් නෙවෙයි.

කිස් කරන කොට, එහෙමත් නැත්නම් හාදු දෙන කොට (කටින් කටට) ඇස් වැහෙන්නේ මොකද කියන එක ලොකු ප්‍රශ්නයක්. මොකද සත්ව ලෝකයේ බොහෝ සතුන් ආදරය පෙන්වීමට අපි කිස් කරන විදිහට ආසන්න වශයෙන් සමාන චර්යා පෙන්වනවා. බොහෝ විට තමන්ගේ කට හෝ හොට ප්‍රදේශය තමන්ගේ සිත් ගත් විරුද්ධ ලිංගික සතෙකුගේ කටේ හෝ හොටේ ඇතිල්ලීම තමයි මේ වගේ වෙලාවට සිද්ධ වෙන්නේ. කොහොම වුනත් මේ වගේ දෙයක් කරන කොට ඇස් වහ ගන්නේ නම් මිනිස්සු විතරයි.

ආදරයේදී කිස් කරන එක මේ තරම් හැඟීම් බර වෙන්නත් හේතුවක් තියෙනවා.

කිස් කරනවා කියන දේ මේ තරම් ආදරය එක්ක බැඳී පවතින්නත් හේතුවක් තියෙනවා. ආදරය කියන්නේ හැඟීමක්. ඕනෑම සතෙකුට තමන් ගන්නා ආහාර වල රසය දැනෙන සංවේදක සේරම පිහිටලා තියෙන්නේ කට ඇතුළේ. ඉතින් දෙදෙනාම තමන් කැමති රසයක් කටවල් දෙක ඇසුරෙන් එකවර ලබා ගන්න උත්සාහ කරන නිසා මේ විදිහට කිස් කිරීම කියන දේ බිහි වෙන්න ඇති කියලයි කියවෙන්නේ. ඒක සතුන් කරන ඒ ආසන්න චර්යා වලටත් වලංගුයි, මොකද විරුද්ධ ලිංගයේ සතෙක් එක්ක ඒ වගේ හැසිරෙන ඕනෑම සතෙකු ඒ සඳහා පාවිච්චි කරන්නේ තමන්ට රසය දැනෙන අවයවයයි. (කට, හොට වගේ)

මිනිසුන් ගැන සැලකුවාම පොදු තැන වලදී කිස් කරන එක ගැන ලෝකයේ විවිධ රටවල විවිධ මත තියෙනවා, නමුත් ආදරය හඟවන්න කිස් කිරීම පාවිච්චි කරන එක කොයි රටටත් පොදු දෙයක්. පෙම්වතුන්ට හෝ විවාහකයන්ට කිස් කරන එක ඒ තරම් අමුතු දෙයක් නෙවෙයි කිසිම රටක. ඒත් ආදරණීය විදිහට කිස් කරන වෙලාවට නොදැනීම ඇස් පියවෙන එක ගැන බොහෝ දෙනෙක්ට දැනුමක් නෑ.

ඉතින් අපි කිස් කරන වෙලාවට ඇස් පියවෙන්නේ ඇයි? බොහොම සරලව කිව්වොත් ඒ දෙක අපේ මොළයට එකවර කරන්න බැරි නිසයි.

මිනිසාට තියෙන්නේ සත්ව ලෝකයේ දියුණුතම මොළය කියන එක ගැන විවාදයක් නෑ. ඒත් අපේ මොළයට බැහැ කිස් කරන වේලාවට දැනෙන හැඟීම් අතරේ ඇස් ඇරලා තියා ගන්න. මොකද මිනිසුන් පරිණාමය වූ ආකාරය අනුව තමන්ගේ සහකරු හෝ සහකාරිය සමග වර්ගයා බෝ කරනවා කියන දේ තමයි ජීවත් වෙන්න මූලික හේතුව විදිහට ජාන තුලටම ඇතුළත් වෙලා තියෙන්නේ. අපි ආදරය කියලා කියන ආකර්ෂණය ඇති වෙන්න හේතුවත් එයයි. ඒ නිසා ඒ වගේ ආදරය දැනෙන වෙලාවකට ස්පර්ශය හරහා මොළයට ලැබෙන සංඥා සහ පෙනීම හරහා ලැබෙන සංඥා කියන දෙකම එක වර හසුරුවා ගන්න බැහැ. එහෙම වුනාම මොළයෙන් කරන්නේ ප්‍රධාන තැන තියන ස්පර්ශයට ඉඩ දීලා වැදගත් කමෙන් අඩු පෙනීම කියන සංවේදනය තාවකාලිකව වසා දාන එකයි.

මම මේකෙන් කියන්නේ ඇස් ඇර ගෙන කිස් කරන්න බෑ කියලා නෙවෙයි. කරන්න බැරි නැහැ, ඒත් එතකොට නියම හැඟීම ඇතිව නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. අනිත් කෙනාගේ උවමනාවට ඉඩ දෙන එක හරි, වෙනත් දෙයකට අවධානය යොමු කරලා කරන කොට හරි විතරයි ඇස් පියා ගන්නේ නැතිව කිස් කරන එක සිද්ධ වෙන්නේ.

අනිත් සංවේදන ඔක්කොම පෙනීමට වඩා වැදගත්.

ඇත්තටම පෙනීම තමයි සංවේදන පහෙන් අඩුම තැන තියෙන්නේ. මම මේ කියන කාරණය ගැන සැකයි නම් මේ දේවල් හිතලා බලන්න. ඇයි අපි ගොඩක් රස කෑමක් ආසාවෙන් කද්දී, ගොඩක් සුන්දර ගීතයක් ආසාවෙන් අහද්දී, ලස්සනම සුවඳක් ආසාවෙන් විඳිද්දී, ඇස් පියා ගන්නේ? මෙතැනදී “ආසාවෙන්” කියන වචනය හරිම වැදගත්. ඔය සංවේදන අපිට උවමනාවක් නැතිව ලැබුනට අපි ඇස් පියා ගන්නේ නෑ, ඒත් ආසාවෙන් ඒ දේවල් විඳින වෙලාවට ඇස් පියවෙනවා. ස්පර්ශයත් ඒ වගේම තමයි. ඒ නිසා හැඟීමක් නැතිව කිස් කරන්න පුළුවන් ඇස් ඇර ගෙන වුනත්, හැබැයි ඇත්ත හැඟීමක් තියෙද්දී අනිවාර්යයෙන් ඇස් පියවෙනවාමයි. පොඩි පරීක්ෂණයක් විදිහට කිස් කරන අතරේ ඇස් ඇරලා බලන්න අනිත් කෙනා දිහා, එතකොට එයා උවමනාවෙන් ඒ දේ කරනවද කියලා බලා ගණන් පුළුවන්.

මොළයට නවත්තන්න පුළුවන් පෙනීම විතරයි.

ඉතින් ඇස් වලට අඩු තැන ලැබෙන්න හේතුව මොකක්ද? ඒකට හරි උත්තරයක් නැතත් මේක කියන්න පුළුවන්. මොළයට වහලා දාන්න පුළුවන් එකම සංවේදනය පෙනීම විතරයි. හරි ඔබට පුළුවන්ද වෙනත් මොනවා හෝ සංවේදනයක් හිතලා නවත්තන්න? ඔබ මොනවා කලත් හමට ස්පර්ශය දැනෙනවා, කන් වලට ශබ්ද ඇහෙනවා (කනේ ඇඟිලි ගහලා නෙවෙයි මේ කියන්නේ, හිතින් විතරක් හිතලා. ඇඟිලි ගැහුවත් ඇහෙන එක සම්පුර්ණයෙන් නවතින්නේ නෑ.) නහයයි කටයි වහන්න පුළුවන් වුනත් ඒක ඇත්තටම බාහිර අවහිරයක් විතරයි. හිතලා බලන්න කට වසා ගෙන හිටියත් කටේ කෑමක් තිබුනොත් රස දැනෙනවා නේද? නහය පවා අතින් වහ ගත්තේ නැත්නම් සුවඳ/ගඳ වාතය නාස් කුහරය මත තැවරිලා ඒක අපිට දැනෙනවා. ඇස් විතරයි සම්පුර්ණ වශයෙන් වළක්වන්න පුළුවන් එකම සංවේදනය. ඉතින් අනිත් ඕනෑම එකකින් ප්‍රබල සංඥා එද්දී ඇස් වැහෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි හිතලා ඇස් පියා ගත්තොත් අනිත් හැම සංවේදනයක්ම වඩා හොඳින් විඳින්නත් පුළුවන්!

කිස් කරන කොට හිතලාම හරි ඇස් පියා ගන්න.

ඒ නිසා ඉබේ සිද්ධ නොවුණත් කිස් කරන වෙලාවට හිතලාම හරි ඇස් පියා ගත්තොත් ඒක වඩා හොඳට විඳින්න පුළුවන් වෙනවා. අපේ මොළය එක වර කිහිප දෙයක් කරන්න සමත් වුනත් එක දෙයකට සම්පුර්ණ අවධානය දීම මගින් එය වඩාත් හොඳට සංවේදනය කරන්න පුළුවන්. භාවනාවක් කියන්නෙත් එකම දෙයකට සිත යොමු කිරීමයි. ඉතින් බලා ගෙන ගියාම ආදරය භාවනාවක්, සංගීත ශ්‍රවණය භාවනාවක්, රස ආහාර ගැනීම භාවනාවක්, මල් සුවඳ විඳීම භාවනාවක්, සුන්දර රූප ඇසට භාවනාවක් කියන කාරණාවල වුනත් ඇත්තක් තියෙනවා. වඩාත් හොඳ විඳීම සඳහා එය වෙත පමණක් අවධානය දෙන්න අවශ්‍යයි.

හරිම පුදුමයි නේද? ආදරය හදවතේ තියනවා කිව්වට ඒකට ඔබේ මොළයෙනුත් ලොකු බලපෑමක් තියනවා. විශේෂයෙන්ම ආදරය ප්‍රකාශ කිරීමේ සංකේතය වන හාදු දීමේදී ඒක හරි පහසුවෙන් දකින්න පුළුවන්.

ඔබත් අදින් පසු ආදරය වඩා හොඳින් විඳියි කියලා විශ්වාස කරනවා. මේ ලිපිය share කරලා ඔබේ මිතුරන් එක්කත් මේ දැනුම බෙදා හරින්න අමතක කරන්න එපා.

Leave a comment

Comments

Close
Close
Loading...