යෝනියක් නැතිව ඉපදුනු මේ කාන්තාව ඒකට කරපු දේ බලන්න

7307

අපිට ලැබිලා තියෙන ගොඩක් දේවල් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ, නැති දේ ගැන තමයි නිතරම වද වෙන්නේ. නමුත් තිබ්බේ නැත්නම් ඒවායේ වටිනා කම හොඳටම දැනෙන්න පුළුවන්. ඒ වගේ එකක් තමයි තමන්ගේ ලින්ගේන්ද්‍රය. කාන්තාවකට උපතින්ම පිහිටලා තියෙන යෝනිය නැති වුනොත් මොකද කරන්නේ? කාන්තාවක් හඳුනා ගන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය වන්නේ යෝනි මාර්ගයයි. මේ නිසා යෝනියක් නැති කාන්තාවක් කියන්නේ කාන්තාවකගේ ශරීරයේ වැදගත්ම අවයවය. ලිංගික සංසර්ගයේ යෙදෙන්නත්, දරුවෙක් බිහි කරන්නත් යෝනි මාර්ගය නැතිව බෑ. නමුත් වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා මැයට ඒ අවස්ථාව හිමි වෙලා.

ජොආනා ජීයනූලිත් (Joanna Giannouli) මේ වගේ යෝනියක් නැතිව ඉපදුනු කාන්තාවක්. එයා ලොකු වුණාම තමයි දැනගෙන තියෙන්නේ තමන්ට අනිත් කාන්තාවන්ට වගේ යෝනි විවරයක් නැති බව.

මේ ඉන්නේ ජොආනා.

අවුරුදු 16ක් වෙලත් ජොආනාට ඔසප් වීම සිදු නොවුණු නිසා එය දොස්තර කෙනෙක් හමු වෙලා. ඒ දොස්තර තමයි පරීක්ෂා කරලා ඇයට රොකිටන්සි සින්ඩ්‍රෝමය (Rokitansky syndrome) තියෙන බව තීරණය කරලා තියෙන්නේ. මේ රෝගය තියන බවට හඳුනා ගන්නා අයට උපතින්ම යෝනිය හෝ ගර්භාෂය පිහිටලා නැහැ.

ඇයගේ පවුලේ ඇය බොහෝ කනස්සල්ලට පත් වුණා.

“අපි දොස්තර හමු වෙන්න ගිහින් ආවට පස්සේ තාත්තගේ මුහුණේ තිබුණේ දුක තද කර ගත්තු පෙනුමක්. කොහොම වුණත් අම්මට නම් ඒක දරා ගන්නම බැරි වුණා.” ජොආනා කියනවා. “පළවෙනි අවුරුදු පහේදී ඒ ගැන අපි කවුරුත්ම වැඩිපුර කතා බහ කරේ නෑ. මම හැමදාම හිටියේ දුකෙන් වගේම ජීවිතය ගැන කලකිරීමෙන්. මගේ අම්මා හිතා ගෙන හිටියෙම ඇය ගර්භණී කාලේ පරිස්සම් නොවුණු නිසා මෙහෙම දෙයක් වෙන්න ඇති කියලයි. මම එයාට පැහැදිලි කරලා දුන්නා ඒක කාගෙවත් වැරද්දක් නිසා සිද්ධ වුනු එකක් නොවන බව. මගේ ජාන වල ප්‍රශ්නයක් තිබුණේ.”

ගැහැණු ළමුන් 4500කට එක්කෙනෙක්.

මේ රෝගය වැළඳෙන එක ගැහැණු ළමයි 4500කින් එක් කෙනෙක්ට වගේ වෙන්නේ. මේකෙන් එයාලගේ බාහිර පෙනුමේ කිසිම වෙනසක් ඇති වෙන්නේ නෑ. නමුත් මුත්‍රා කරන්න පුළුවන් විදිහට විතරක් බොහොම පුංචි යෝනි මාර්ගයක් තියෙන නිසා (පිරිමි කෙනෙකුගේ මුත්‍ර මාර්ගය තරමේ) ලිංගික සංසර්ගයේ යෙදෙන්න විදිහක් නැහැ. බාහිරට යෝනියක් පිහිටන්නෙත් නෑ.

ශල්‍යකර්මයක්.

නමුත් ජොආනා මේක වෙනස් කර ගන්න ශල්‍යකර්මයකට යොමු වුණා. “මම යෝනි මාර්ගයක් නැතිව උපත ලබලා තිබුණු නිසා වෛද්‍යවරුන් මට ලිංගිකව එකතු වෙන්න පුළුවන් විදිහේ යෝනි මාර්ගයක් හදලා දුන්නා” එය කියනවා. “ගොඩක් කල් මට රෝහලේ ඇඳටම වෙලා ඉන්න සිද්ධ වුණා. ඊට පස්සේත් මාස තුනක් විතර හාන්සි වෙලාමයි හිටියේ. අලුතෙන් හදපු යෝනි මාර්ගය පුළුල්ව තියා ගන්න මම දොස්තරලා කියපු විදිහේ ව්‍යායාම කළා”

පිරිමි ළමයෙක්ව ප්‍රේමයෙන් ඇසුරු කරන්න බැරි වුණා.

“මට තිබුණු තත්වය බොහොම නරක එකක්, දකින හැම කෙනාම ගෙවන ජීවිතය මට ගෙවන්න බැරි වුණා.” ජොආනා හරිම දුකෙන් කියනවා. “මෙහෙම තත්වයක් තියෙන කෙනෙක්ට ඒක දරා ගන්න හරිම අපහසුයි. කවදාවත් සතුටින් ඉන්න බෑ, අනිත් අය අත්විඳින දේවල් මට ලැබෙන්නේ නෑ නේද කියලා කලකිරීමක් ඇති වෙනවා. කවදාවත් ප්‍රේමයක් හදා ගන්න බෑ හිතේ තියෙන බය නිසාම. ජීවිතය ලොකු හිස් තැනක් වගෙයි දැනෙන්නේ. නිතරම දුකෙන්, කේන්තියෙන්, එපා වෙලා තමයි ඉන්න වෙන්නේ. මේ වගේ ප්‍රශ්නයක් තියා ගෙන හංගා ගෙන ඉන්න කාන්තාවන් අතරේ ඒ ගැන විවෘතව කියන්න පුළුවන් කෙනෙක් මම. ඒ ගැන මට සතුටුයි වගේම ආඩම්බරයි. මේ දේ තේරුම් අරගෙන තමන්ට මේ දේ අඩුයි කියන එක භාර ගන්න එක හරි අමාරු වැඩක්. මම මේ කියන කතාවත් එක්ක මේ තත්වයෙන් පෙලෙන අනිත් අයත් එක්ක මගේ දුක බෙදා හදා ගන්නවා. එයාලා ජීවිතයේ තනි වෙලා නෑ කියලා හිතන්න කියල මම එයාලගෙන් ඉල්ලා සිටිනවා. කවුරු නැතත් අපිට අපි ඉන්නවා” ජොආනා එහෙම කියලා කතාව අවසන් කළේ බොහොම දුකෙන් වුණත් ලොකු අධිෂ්ටානයකින්.

මේ වගේ ගැටළු තියෙන කාන්තාවන් පවා ඉන්නවා කියලා දැනගෙන හිටියේ නෑ නේද? මටත් මුලින් මේ කතාව විශ්වාස කරන්න අපහසු වුණා. නමුත් ඒක ඇත්ත, අත් පා අහිමි වෙලා ඉපදෙන අය වගේම ලිංගික අවයව නැතිව ඉපදෙන අයත් ඉන්නවා. ඒ වගේ පිරිස් තමන්ගේ කතාව ප්‍රසිද්ධියේ කියන්න නිර්භීත වෙන එක අපි ඇත්තටම අගය කළ යුතුයි.

මේ ලිපිය share කරලා බලන්න යාලුවෝ මොනවද හිතන්නේ කියලා. ඒ වගේම එහෙම ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් හදා ගන්න එක ගැන හිතෙන විදිහත් ටිකක් කල්පනා කරලා බලන්න. ඔබ නොහිතපු පැත්තක් විවර වුණා නේද? මේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එක වටින්නේ අන්න ඒකයි.

තවත් ලිපියකින් හමු වෙමු එහෙනම්.

Leave a comment

Comments

Close
Close