ලෝකෙ ලොකුම බලු සුරතලා මෙන්න..

ලොව විශාලතම සුනඛ සුරතලා පිළිබඳ ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. යුප්‍රටීස් ගණයට අයත් එම සුනඛයාගේ වයස මාස 9 ක් වන අතර බර රාත්තල් 180 ක් හෙවත් කිලෝග්‍රෑම් 81 කට වැඩියි. ඒ වගේම උස අඩි 6 ක්. මේ සුනඛයාගේ හිමිකරු වන්නේ 41 හැවිරිදි ජාර්ඩ් හවුසර්.

ඇමරිකන් මොලොසස් නැමති නව සුනඛ ප්‍රභේදයට යුප්‍රටීස් ගණය අයත් වන අතර ජානවලට අනුව මෙම සත්ත්ව විශේෂයේ ළඟම නෑයා වන්නේ මීට වසර 7000කට පෙර වඳවී ගිය මෙසෙපොටේමියානු මොලොසස් කියන සුනඛ වර්ගයයි.‍

මෙම විශාලතම සුනඛ සුරතලාගේ මිල ඇමරිකානු ඩොලර් 5000 ක් ලෙසයි වාර්තා වන්නේ.

Leave a comment

Comments