ලෝකයේ තරබාරුම පිරිමි දරුවා මෙන්න (වීඩියෝ)

ලෝකයේ තරබාරු බවෙන් වැඩිම පිරිමි ළමයා ලෙස මේ වන විට නම් දරා සිටින්නේ ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ පදිංචි ආර්යා පර්මානා නැමැති 11 හැවිරිදි දරුවෙකි. ඔහුගේ බර කිලෝ ග‍්‍රෑම් 192කි.

ආර්යාට එක් දිනකට ආහාර වේල් පහක් අවශ්‍ය බව ඔහුගේ මව වන රොකායා පවසයි. බත්, මාළු, හරක් මස්, එළවළු හා සුප් වර්ගවලින් එම ආහාර වේල් සමන්විත වේ. වැඩිහිටියන් දෙදෙනෙකුට ප‍්‍රමාණවත් ආහාර ඔහු එක වේලකට ගිල දමන බව මව සඳහන් කරයි.

ආර්යා උපතින් සාමාන්‍ය දරුවෙකු වුණු අතර උපත් බර කිලෝ ග‍්‍රෑම් 3.2කි. ඔහුට අවුරුදු දෙකේ සිට ඉතා සීග‍්‍රයෙන් අසාමාන්‍ය ලෙස බර වැඩි වී ඇත.

ආර්යා පවුලේ දෙවැනි දරුවා වන අතර ඔහුගේ වැඩිමහල් සහෝදරයා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන කි‍්‍රයාශීලී සාමාන්‍ය දරුවෙකි.

පහත වීඩියෝව නරබන ඔබට ආර්යා පිළිබද තවත් බොහොමයක් තොරතුරු දැකබලා ගත හැකියි.

Leave a comment

Comments